සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1447

වන්නි ප්‍රලය

නා. කල්පාන්තයෙහි ඇති වන ඉතා විනාශකාරී ගින්න.

වන්නිය

නා. වියළි කැළෑ ප්‍රදේශය.

වන්බිඩි

නා.ප්‍ර. වංගෙඩිය ; වන.

වන්‍ය

වි. වනයෙහි වූ ; වනයෙහි ජීවත්වන.

වනාත

නා.ප්‍ර. වෙල අසල පිහිටි කුඩා පඳුරු වැල් ආදිය වැඩුණු කැලෑ ප්‍රදේශය.

වනාතුරාල

නා. පුරාණයේ සිටි සුළු ගැමි නිලධාරියෙක්.

වනාන්තරය

නා. විශාල ගස්වැල් වැඩුණු වන සතුන් වෙසෙන කෑලෑව.

වනාරක්ෂක

වි. වනය රකින ; වනය ආරක්ෂා කරන.

වනාහි

නි. නිශ්චිත ප්‍රකාශයෙහි යෙදෙන නිපාතය.

වනිකාව

නා. ගමකට ආසන්න වනය ; කුඩා වනය ; උපවනය.

වනිතාව

1. නා. ස්ත්‍රිය; කාන්තාව.
2. (ප්‍ර. යෙදේ) කිරිවලින් සාදාගන්නා මෝරු.

වනියම්

නා.ප්‍ර. උත්සාහය ; වෑයම.

වනියරය

(පාරිභා.) නා. අඟල් 0.01 හෝ සෙ.මි. 0.01 හෝ වැනි පරිමාණ සම්බන්ධ සාමාන්‍ය භාග නිවරැදි ලෙස මනින උපකරණය.

වනුගානවා

1. ක්‍රි. ඇවිදීමට නොහැකි අය වාඩි වී තට්ටම්වලට බරදී ඇදී ඇදී යනවා.
2. දණින් යනවා ; දණ ගා යනවා.
3. සෙමින් සෙමින් යනවා.

වනුගැටය

නා. තට්ටම ; සට්ටම.

වනුවළ

නා. ගල් ආදියෙහි කණු සිටුවීමට හාරන ලද වළ ; ගල්වළ.

වනෝද්‍යානය

නා. ගස්වැල් විල් පොකුණු ආදියෙන් අලංකාර වූ වනය ; උද්භිද උද්‍යානය.

වඳ

1. වි. දරුවන් නොලබන ; ප්‍රජනන ශක්තිය නැති ; ඵලදාව රහිත.
2. හිස් ; නිශ්චල.

වඳ පීදෙනවා

ක්‍රි. කෙසෙල් ගසක කැනක් නොහැදී රෝගී වනවා ; කෙසෙල් ගසක් පිදීමෙන් වළකිනවා.

වඳනවා

ක්‍රි. නමස්කාර කරනවා ; වන්දනා කරනවා.

වඳරේණුව

නා. මලක නිසි ලෙස නොවැඩුණු අසම්පූර්ණ රේණුව.

වඳී

1. නා.ප්‍ර. වඳ තැනැත්තිය.
2. වැන්ඳඹුව.

වඳුරුනින්ද

නා. වහ වහා පිබිදෙන තාවකාලික කෙටි නින්ද.

වප

1. නා. දහවන මාසය වූ වප් මාසය ; ඔක්තෝබර් මස.
2. වැපිරීම ; අස්වැද්දීම.