සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1461

වලත

නා. කැලෑ පෙදෙස ; වනාන්තරය.

වලතඩිය

නා. මුගුර ; පොල්ල.

වලතඩියා

1. නා. දාමරිකයා.
2. වලහා.
3. ව්‍යාඝ්‍රයා.

වලතුව

නා. විපත්තිය ; හිරිහැරය ; දුක.

වලප

නා.ප්‍ර. වැලපීම.

වලපනවා

ක්‍රි. හඬා වැලපෙනවා ; දුක්වෙනවා.

වලම්බනය

නා. විනාශ කිරීම ; නැති කිරිම.

වලම්බිත

වි. වට වූ ; කොටු කරන ලද

වලය

1. නා. අතේ පළඳින ආභරණයක් ; හස්තයෙහි පළඳින වළල්ල.
2. වලයාකාරදෙය.
3. අතේ ඇඟිලිවල පළඳින වළලු වැනි මුතුවර්ගයක්.
4. (පාරිභා.) ගසක කඳක මට්ටමේදී සමාන අවයවවලින් සෑදුණු වළල්ල.
5. (පාරිභා.) දරණුව ; කොයිලය.

වලය වාහිනිය

නා. රුධිරය ගෙන යන වලයාකාර නාලය.

වලයම

1. නා. කවාකාරව සිටින සේ වළල්ලක් මෙන් සකස් කළ දෙය ; තොණ්ඩුව.
2. උඩැක්කියේ හම සවි කරන වළල්ල.
3. දුම්කොළ ගොඩ.

වලයම් කටුව

නා. උඩැක්කියේ හම බඳින ගැටය කැපීමට ගන්නා ආයුධය.

වලයාංශය

නා. දේශාන්තර රේඛාව.

වලයාකාර

වි. වළල්ලක් වැනි ; රවුම්.

වලයාකාර වාහිනිය

නා. සෛලමෙහි ඇති රවුම් වළලු හැඩයෙන් යුතු දිගු නළය.

වලව

1. නා.ප්‍ර. ගින්න.
2. වළ ; ආවාටය.

වලව්ව

නා. ප්‍රභූවරුන් වාසය කරන නිවස ; රදළයින්ගේ ගෘහය.

වලව්වේ හාමුදුරුවෝ

1. නා.බහු. වලව්වේ ස්වාමිදුව ; ළමා තැනී.
2. වලව්වේ මහත්තයා.

වලස් හැට්ටය

නා. දහඅටසන්නි ආදී නැටුම්වල දී අඳින හැට්ටය.

වලසා

නා. කළු දිග ලොම් ද, දිග නිය ද ඇති රෞද්‍ර, ක්ෂීරපායී සිව්පා සතෙක් ; වලසැඩියා.

වලසැඩි

වි. නපුරු ; රෞද්‍ර ;කුරිරු.

වලහකබරියා

නා. ජුඩාවා ; දියකූඩැල්ලා.

වලහන්

නා.ප්‍ර. කුඹුරු ආදියේ වැඩ කරන පුද්ගලයින්ට කුලිය සඳහා ගෙවන ධාන්‍ය කොටස.

වලහම්

1. නා.ප්‍ර. දුකින් හඬ නඟා වැළපීම ; අශුභ විලාප.
2. මළ සිරුරක් වළ දැමීම.