සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1462

වලහිරාව

නා. කන් හැන්ද.

වල්

1. නා.ප්‍ර. කැලය.
2. වලග.
3. සමූහය.
4. කෙසෙල්.
5. වල් පැලෑටි.
6. ඵලකය.
7. ලෝමය ; කෙස.
වි. නොහික්මුණු ; චණ්ඩ.

වල් කොටනවා

ක්‍රි. කැලෑව කපා එළි කරනවා.

වල් පායනවා

ක්‍රි. වල් පැළ කපා හරිනවා ; හෙළිකරනවා.

වල් සර

වි. වනයේ හැසිරෙන ; වැදි.

වල්ඉයත්තු

නා.ප්‍ර. මුහුදුරළ හා කුණාටු අධික කාලය ; වාරකන් කාලය.

වල්ක කැම්බියම

නා. ගසක කඳෙහි හෝ මුලෙහි තිබෙන විභාජක පටකය.

වල්ක චර්මය

නා. වල්ක කැම්බියමට ඇතුළතින් පිහිටියා වූ බොහෝ විට පිෂ්ට කණිකා හා හරිතලව සහිත වූ ද තුනී භිත්තිවලින් යුක්ත සෛල ස්තරය.

වල්කඩ

නා.ප්‍ර. වනරොද ; වනලැහැබ.

වල්කනයිට්

නා.ප්‍ර. ගෙන්දගම් මිශ්‍ර රබර් ; වල්කනයිස් කළ රබර්.

වල්කනයිස් කරනවා

ක්‍රි. රසායනික සංයෝගවලින් රබර්වල භෞතික ගුණ වෙනස් කරනවා.

වල්කය

නා. ගස්වල කඳෙහි අඩංගු පොත්තෙහි පිට පැත්තේ තිබෙන මැරුණු සෛල.

වල්කරුව

නා. ලී රේක්කය.

වල්කල

1. නා.ප්‍ර. ගස්වල පොත්ත ; පට්ටය.
2. ගස් පට්ටාවලින් කළ වස්ත්‍රය ; වැහැරි සිවුරු.

වල්ගය

නා. සිවුපා සතුන් ගේ කොඳු ඇට පේළිය කඳෙන් ඈතට විහිදීමෙන් සෑදී තිබෙන නගුට ; වාලධිය.

වල්ගසරනේරුව

නා. වැඩි බරට ඔරොත්තු දීම සඳහා පියන් දෙකෙන් එකක් වඩා දිගට තනා ඇති සරනේරු විශේෂය.

වල්ගාතරුව

නා. ඈතට විහිදී ගිය වල්ගය සහිත දීප්තිමත් ආකාශ වස්තුව ; ධූමකේතුව.

වල්පත

නා. වලිගය ; වාලධිය ; වරල ; වරල්පත.

වල්පල්

නා.ප්‍ර. වැඩකට නැති හිස් කතා ; නිශ්ඵල වචන.

වල්පිට

නා. ගස්වැල්වලින් ගහණ ප්‍රදේශය ; වනය.

වල්පොළ

නා.ප්‍ර. වල් පැළෑටි.

වල්බිහි වෙනවා

ක්‍රි. වල් පැළෑටි වැවී කැලෑවක් මෙන් වෙනවා.

වල්බූත

නා.ප්‍ර. තේරුමක් නැති කතාබහ ; වැඩකට නැති ප්‍රලාප.

වල්බේත්

1. නා.ප්‍ර. වනයේ ඇති බෙහෙත් පැළෑටි ; වන ඔසු.
2. කුඩා පැළෑටි නසන බෙහෙත්.