සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1463
වල්මත්
වි. අතරමංව ; මංමුළාව.
වල්මීකය
1. නා. වේයන් නාගයින් ආදී සතුන් වසන තුඹස.
2. බරවා රෝගය.
වල්ල
1. නා. එක නටුවක හටගත් ගෙඩි සමූහය ; පොකුර.
2. රෙද්ද ඇදීමෙන් පසු පැත්තකින් එල්ලා වැටෙන රෙදි පොට ; නෙරිය.
3. තුවක්කුවේ මිට.
වල්ලභ
1. වි. ගෞරව බහුමානයෙන් යුත් ; ඉතා ලැදි.
2. ස්වාමි තත්ත්වයේ සිටින.
වල්ලභයා
1. නා. ඉතා කුළුපග තැනැත්තා.
2. සැමියා ; පුරුෂයා.
වල්ලම
නා. රුවල් සහිත කොල්ලෑව නැති යාත්රාව.
වල්ලිමණ්ඩපය
නා. වැල් මඩුව ; ලිය මඩුව.
වල්ලියා
නා. සුදුපාට වල්ගයකින් යුක්ත ගොනා.
වල්විදුනාව
නා. පවන් සැලීමට ගන්නා අවාන ; පංචරාජ කකුධ භාණ්ඩයන්ගෙන් එකක්.
වල්සොරා
නා. වනයේ වසන දාමරික පල් හොරා.
වලා
1. නා.ප්ර. වලාකුළු ; මේඝ.
2. අයිරාවණ හස්තියා.
3. රාහු ග්රහයා.
3. වළල්ල.
5. කුඹුර.
නි. ආකාර.
පූර්ව.ක්රි. වළකා ; හැරදා.
වලාඉඳු
නා.ප්ර. හෙණය ; අකුණ.
වලාකුටීරය
නා. අන්තරීක්ෂ කිරණ පරික්ෂා කිරීමට භාවිත කරන තෙතමනය සහිත වාතය රැගත් උපකරණය.
වලාකුළ
නා. ඒකරාශී වී අහසේ පාවී යන විශාල ජල වාෂ්ප රොද.
වලාකුළු බැම්ම
නා. විශේෂයෙන් විහාරස්ථානවල ඉදිකෙරෙන, මුදුන වළාකුළක ආකාර වූ ආරක්ෂිත බැම්ම.
වලාකුළුගෑම
නා. පට්ටල් ක්රමය අනුව වලාකුළක ආකාරයට දැව භාණ්ඩවල ලාකඩ ගෑම.
වලාකෝඩේ
නා.ප්ර. වැහි වලාකුළ.
වලාන්
නා.ප්ර. වනය ; කැලය.
වලාපට
නා. දෙකට නමා ඉණෙහි ගසා ගත් සරම.
වලාපටලය
නා. අහස වසා පැතිර සිටි ලොකු වලාකුළ.
වලාමග
නා.ප්ර. අහස ; ආකාශය.
වලාම්
වලහම් බ.
වලාමේ
නා.ප්ර. වැසි වලාකුළ.
නි. මවිතයට පත් වීමේ දී ශෝකය පළ කිරීමේ දී යොදනු ලබන පදයක්.
වලාල
1. නා.ප්ර. සමශීතෝෂ්ණ හුළං හමන කාලය.
2. මුහුද සන්සුන්ව පවතින කාලය.