සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1464

වලාව

නා. වලාකුළ.

වලාවෙනවා

ක්‍රි. ප්‍රමාද වෙනවා.

වලාහක

1. නා.ප්‍ර. වේගවත් ගමන් ඇති අශ්ව කුලයක නාමය.
2. වලාකුළු.

වලාහුල

නා. වලාකුළ.

වලි කුකුළා

නා. කැලයේ වෙසෙන අලංකාර පෙඳ සහ පියාපත් සහිත කුකුළා ; වන සැවුලා.

වලි ගහනවා

ක්‍රි. උත්සාහ කරනවා ; තැත් කරනවා.

වලිංචිය

නා. වළ.

වලිකඳ

නා. අං ඇදීමට ආධාරය සඳහා හිටවන ලොකු කඳ ; හෙන කඳ.

වලිගහ

නා. අංකෙළියේ දී අං වළෙහි සිටවනු ලබන කණුව.

වලිච්චිය

1. නා. තෙල් සායම් ඔප ගැන්වීමට පිටතින් ආලේප කරන වාර්නිස් වැනි ද්‍රව්‍ය ; වයිති.
2. දැඩි යහළුකම.
3. අතපය පටලවා ගැනීම.

වලිත

වි. රැළි වැටුණු ; රැළි ගැසුණු.

වලිපලිතය

නා. ඇඟ රැළි වැටීම සහ හිස කෙස් පැසීම.

වලිප්පුව

නා. තදින් උණ ගැනීම නිසා කුඩා ළමුන්ට සෑදෙන රෝගයක්.

වලිමග

නා.ප්‍ර. අධෝ මාර්ගය.

වලිමල

නා. අං කෙළියේ දී අංකණුව මුදුනේ බඳින පුවක් මල.

වලිමුඛය

නා. රැළි වැටුණු මුහුණ.

වලිමුඛයා

නා. වඳුරා.

වලිය

1. නා. හමේ ඇති වන හැකිළීම.
2. සුළියක ආකාරයකට පිහිටීම.
3. නූල් වැනි ද්‍රව්‍යයක් එකට එතීම.
4. පේළිය ; පෙළ.
5. පෙළපත ; පරපුර.
6. වතාව ; වාරය.
7. අං ඇදීමේ දී භාවිත කරන රැහැන.
8. දවස ; දිනය.
9. කුඩාපාර ; අඩිපාර.

වලු කරනවා

ක්‍රි. පොල් කොහු ආදිය ඇඹරීමට වැටියක් මෙන් සාදනවා.

වලුකම්

නා.ප්‍ර. සොරකම.

වලුක්කම

නා. කන්දක ඇති බෑවුම ; ප්‍රපාතය.

වලුකොඩොක්කු

නා.ප්‍ර. ඉණෙන් ඇඳි වස්ත්‍රයෙන් එල්ලෙන රෙදි කොන.

වලුදු

නා.ප්‍ර. සොරා.

වවත්ථිතය

නා. ව්‍යවස්ථිතය ; නියමිත පිළිවෙල.