සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1465
වවනවා
1. ක්‍රි. වගා කරනවා ; ගස්වැල් ආදිය සිටුවා වැඩෙන්ට සලසනවා.
2. දියුණු කරනවා ; වර්ධනය කරනවා.
3. කොණ්ඩා රැවුල් ආදිය දික් වෙන්නට හරිනවා.
වවස්
නා.ප්‍ර. නීතිරීති ; අණපනත් ; ව්‍යවස්ථා.
වවිය
නා. වැව.
වවුචරය
නා. යම්කිසි මුදලක් ගෙවීම සඳහා අදාළ විස්තර ඇතුළත්ව දෙන ලියවිල්ල.
වවුන්න
නා. නූල් එතීමට ගන්නා දරණුව ; ඉද්ද.
වවුල් තපස
නා. වවුලන් සේ උඩක එල්ලීගෙන කරන තපස.
වවුල් ලඩ
නා. වවුලන් යුෂ උරාබීමෙන් පසු ඉතිරිවන පළතුරු ආදියෙහි රොඩ්ඩ ; වවුල් හපය.
වවුල් සරණේරුව
නා. දෙ පියනම සම දිගින් හා සම පළලින් යුත් සරණේරුව.
වවුල්කාරන්
නා. වවුල් බෙටි ; වවුල් පොහොර ; වවුල් පස්.
වවුල්පළ
නා. වවුලන් ලගින තිප්පොළ.
වවුලා
1. නා. රාත්‍රි කාලයෙහි හැසිරෙන ක්ෂීරපායී පක්ෂියෙක්.
2. (රූඪි.) ස්ථිර ප්‍රතිපත්තියක් නැති තැනැත්තා.
වශය
නා. යටත්බව ; අවනත බව.
වශවර්ති
වි. තමාගේ කැමැත්ත අනුව පවතින.
වශවර්තියා
1. නා. වශවර්ති මාරයා.
2. බලගතු හතුරා ; කිසිවකුට අවනත නොවන සැරපරුෂ තැනැත්තා.
වශ්‍ය
වි. වශී කළ හැකි.
වශී
1. වි. ඉඳුරන් දමනය කළ ; කෙලෙස් ප්‍රහීණ කළ.
2. අනුන් වෙතට ඇදගන්නා බලය ඇති.
වශීකරණය
1. නා. අනුන් තමා වෙතට ඇද ගැනීම.
2. ගුප්ත බලයෙන් අනුන් අවනත කර ගැන්ම.
වශීකෘත
වි. අවනත කරන ලද ; වශී කරන ලද.
වශීභූතය
නා. වසඟ වූ තැනැත්තා.
වස
1. නා.ප්‍ර. ජීවිත හානිය ගෙන දෙන දැය ; විෂ හලාහල ආදි වස.
2. දිය ; ජලය.
3. වර්ෂා කාලය.
4. වස්කාලය.
5. වර්ෂය ; කාලය.
6. වචනය.
7. වාසය ; විසීම.
8. කොටස; ඛණ්ඩය.
වසංගතය
නා. බෝවෙන රෝගය.
වසක්කේඩුව
නා. ශරිර විඩාව ; දුබලකම ; කෙඩෙත්තු ගතිය.
වසඟය
නා. අවනත වීම ; යටත්වීම.
වසටය
නා. පිටකොන්ද ; කොඳු ඇටය.