සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1466
වසත
නා. වසන්ත සෘතුව ; අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් යන මාස තුන ඇතුළත් වන කාලසීමාව.
වසත් කෙළිය
නා. වසන්ත කාලය උදාවීම හේතුකොට ගෙන පවත්වන උත්සවය ; වසන්තෝත්සවය.
වසතිඳු
[වසත් + ඉඳු]
නා.ප්‍ර. අනංගයා.
වසන
1. නා. වස්ත්‍රය.
2. විපත ; ව්‍යසනය.
3. සුවඳ කැවීම.
4. වාසය කරන තැන ; ගෙය.
වසනවා
1. ක්‍රි. වාසය කරනවා.
2. වස් එළඹෙනවා.
3. වසන් කරනවා ; සඟවනවා ; ආරක්ෂිත ලෙස ආවරණය කරනවා.
වසන්
1. නා.ප්‍ර. වස්සානය ; වැසි කාලය.
2. වසන්ත සෘතුව.
3. විනාශය.
4. වස්ත්‍රය.
5. අවසානය.
6. සැඟවීම ; වැසීම.
වසන් කරනවා
ක්‍රි. හංගනවා ; සඟවනවා.
වසන්ත
1. නා.ප්‍ර. බක් හා වෙසක් මාස දෙකට අයත් කාලය.
2. විරිතක්.
වසන්ත විෂුව
නා. වසන්ත සෘතුවේ දී දිවා - රෑ සම දිගින් යුක්ත වන දිනය.
වසන්තරාව
1. නා. කඩතුරාව.
2. වැඩකට නැති දෙය ; නිෂ්ඵල වූව.
වසන්තිකරණය
නා. ඇට වර්ග වැපිරීමට පෙර ශීත ගබඩාවල රැස්කොට තැබීම.
වසන්නෙත්
නා.ප්‍ර. ඊශ්වරයා.
වසපස
නා.ප්‍ර. මල හා මුත්‍රා.
වසම
1. නා. ගම්මුලාදෑනියකුගේ රාජකාරි ප්‍රදේශය.
2. රාජකාරිය ; තනතුර.
3. (කථා.) ශක්තිය.
4. වසගය ; යටත්බව.
1. වි. දරුණු.
2. විෂ සහිත.
වසර
1. නා.ප්‍ර. අවුරුද්ද.
2. අවසරය ; ඉඩ ; අවකාශය.
වසල
වි. පහත් ගති ඇති.
1. නා.ප්‍ර. කුලයෙන් පහත තැනැත්තා ; චණ්ඩාලයා.
2. රොඩු ; හප.
3. ගෙයිමැද.
වසල්
වි. විශාල ; පැතිරුණු.
නා.ප්‍ර. වස්ත්‍ර.
වසවත්තියා
(කථා.) නා. දරුණු තැනැත්තා.
වසවිස
නා.ප්‍ර. විෂද්‍රව්‍ය.
වස්
1. නා.ප්‍ර. වංශය ; කුලය.
2. උණ ගස.
3. බටලී නලාව ; වස්දණ්ඩ.
4. අශුචි.
5. වයස.
6. කොඳුඇටය.
7. අනංගයා.
8. වස්තුව.
9. මුදුන් යටලීය.
10. වස්සාන කාලයේ භික්ෂූන් ආරාමයේ වාසය කිරීම.
11. වසඟබව.
12. යාතුකර්ම හා සම්බන්ධ කටයුතුවල දී හැඳින්වෙන අශුභ ; දෝෂ.
13. වාසය ; විසීම.
නි. පිණිස ; සඳහා.
වස් අරිනවා
ක්‍රි. දොස් පහ කරනවා.
වස් ආරාධනාව
නා. වස් විසීමට භික්ෂූන් වහන්සේලාට කරන ඇරියුම.
වස් වදිනවා
ක්‍රි. ඇස්වහ කටවහ ආදියෙන් විපත් සිදුවෙනවා.
වස් වසනවා
ක්‍රි. වස් විසීම හා සම්බන්ධ විනය ව්‍යවස්ථා අනුව සෙනසුනක වාසය කරනවා.