සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1467
වස්කප
නා. මුදුන් යටලීයට සවි කළ කණුව.
වස්කවි
නා.ප්‍ර. වරදක් කළ තැනැත්තකුට විශේෂයෙන් දෙවියන් ලවා හානි පැමිණවීමේ අදහසින් කියන කවි.
වස්කැටය
(කථා.) නා. වක්කඩ ඇහිරීමට භාවිත කරන පස් පිඬ ; වක්කැටය.
වස්කිළිය
නා. වැසිකිළිය.
වස්කුළල්
නා.ප්‍ර. පිඹින තූර්ය භාණ්ඩ ; නළා වර්ග.
වස්ත්‍රය
නා. රෙද්ද ; පිළිය ; ඇඳුම.
වස්ත්රාපණය
නා. රෙදි විකුණන වෙළඳහල ; සළුසල.
වස්ත්රාසවය
නා. කෙළ.
වස්තිකර්මය
නා. මලපහ කිරීම පහසුවීමට ගුදමාර්ගයට හෝ මුත්‍රා කිරීමේ පහසුවට මුත්‍ර මාර්ගයට නලයක් මගින් බෙහෙත් මිශ්‍ර දියරක් විදීම.
වස්තිකූඩුව
නා. වස්ති කිරීම සඳහා ගන්නා සිරින්ජය.
වස්තිය
1. නා. වස්ති කර්මය.
2. යටිබඩ ; අධෝ මාර්ගය.
3. සිරින්ජය.
වස්තු කථා
නා.ප්‍ර. ඒ ඒ අවස්ථාවල දී ඉදිරිපත් වූ යම් යම් කාරණ මුල්කොට ගෙන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු ඇතුළත් කථා වස්තු.
වස්තු නිර්දේශය
නා. වස්තුව ගෙනහැර පෑම ; ප්රස්තුත කාරණය දැක්වීම.
වස්තු වින්‍යාසය
නා. ප්‍රවෘත්තියක් ප්‍රකාශ කිරීමේ ක්‍රමය ; ප්රස්තුතය ඉදිරිපත් කිරීම.
වස්තුකාචය
නා. අන්වීක්ෂය වැනි ප්‍රකාශ උපකරණයක් මගින් යම්කිසි වස්තුවක් බලනවිට ඒ දෙසට යොමු වී තිබෙන කාචය.
වස්තුකාමය
නා. රූප ශබ්දාදි පංච කාමයෙහි ඇලීම.
වස්තුත්‍රය
නා.ප්‍ර. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය.
වස්තුබීජය
1. නා. යම්කිසි දෙයකට මූලික වූ හේතුව, ප්‍රස්තුතයට තෝරාගත් කාරණය.
2. කථා වස්තුව.
වස්තුව
1. නා. සචේතනික, අචේතනික ද්‍රව්‍ය.
2. ගේදොර ඉඩකඩම් මිල මුදල් ආදී ධනය.
3. කථාව ; කාරණය.
වස්තුවාන්දුව
නා. ගේදොර ඉඩකඩම් ආදි සියලු දේපොළ.
වස්තුවිකාසය
නා. ප්රස්තුත කරුණක විදහා දැක්වීම.
වස්තුසමර්පණය
නා. දේපළ පැවරීම ; වස්තුව දීම.
වස්තුසම්පදාව
නා. දානය ලබන්නාගේ ගුණවත්කම.
වස්තුස්වාමියා
නා. වස්තු අයත් තැනැත්තා.