සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1468
වස්තූපමා
නා. වස්තු දෙකක් උපමා වශයෙන් යෙදීමේ කාව්‍යාලංකාරය.
වස්දණ්ඩ
නා. බටනලාව ; ශුශිරය.
වස්දෙණිය
1. නා. මලපහ කිරීමෙන් පසු අතපය සෝදන ස්ථානය.
2. කැසිකිළියෙහි මුත්‍ර කිරීමට තනා ඇති ඔරුවක් වැනි ස්ථානය.
වස්න
1. නා.ප්‍ර. වසුන ; වහන්තරාව.
2. වස්ත්‍රය ; රෙද්ද.
වස්වාසික
වි. වස් සමාදන් වූ.
නා.ප්‍ර. වස් විසූ භික්ෂූන්ට පූජා කරන වස්ත්‍ර.
වස්ස වලාහකයා
නා. වර්ෂාවට අධිපති සේ සැලකෙන දෙවියා.
වස්සා
නා. ගව, එළු, බැටළු ආදි සතුන් ගේ පිරිමි පැටවා ; වසුපැටවා.
වස්සානය
නා. වැසි අධික කාලය ; වර්ෂා සෘතුව.
වස්සිකසාටිකය
නා. භික්ෂූන් ජලස්නානයේ දී අඳින සිවුර ; වැසි සළුව.
වස්සූපනායිකාව
නා. වස් එළඹීමට පැමිණීම ; වස් එළඹීම.
වසා
1. නා.ප්‍ර. සත්ව ශරීරයේ විශේෂ වාහිනි ඔස්සේ සංසරණය වන පාටක් ඇති හෝ ළා කහපාට ද්‍රව්‍ය ; වුරුණු තෙල.
2. වසා නම් ද්‍රව්‍ය වගුරුවන ශාරීරික ඉන්ද්රිය.
3. වසා තෙල් සංසරණය වන කුඩා සිදුරක් සහිත සියුම් රුධිරවාහිනිය.
4. අහසේ පායන ධූමකේතුවක්.
5. නදිය ; ගංගාව.
6. ශරීරයේ රෝම.
7. ඇතිරිල්ල.
8. බැම්ම ; පටිය.
වසා ග්‍රන්ථිය
නා. වසා නම් ද්‍රව්‍ය උනන ශාරීරික ඉන්ද්රිය.
වසාගැටිත්ත
නා. මස් තෙල් තැන්පත්වීම නිසා ඇතිවන ගැටය ; වසා ගැටය.
වසාතල
නා.ප්‍ර. නාභියෙන් පහළ රෝම පිහිටි පෙදෙස.
වසාතෙල
නා. සත්ව ශරීරයේ විශේෂ වාහිනී ඔස්සේ සංසරණය වන ලා කහපාට ද්‍රව්‍ය ; තෙල.
වසාපද්ධතිය
නා. වසා නමැති ද්‍රව්‍ය එකතු කොට එය රුධිරය වෙත නැවත ගෙනයන කේශනාලිකා හා ශිරා දෙවර්ගය.
වසාපැන්
නා.ප්‍ර. උල්පතෙහි ජලය ; උල්පත් දිය.
වසාර
නා.ප්‍ර. ගෙදර ; නිවස ; වාසස්ථානය.
වසාරොද
නා. නාභියෙන් පහළ ඇති රෝම රාජිය.
වසාවාසි
නා. සාදික්කා ගෙඩියේ නටුව වටා පිහිටි කවචය.
වසාවිට
නා.ප්‍ර. උල්පත.
වසාහෘදය
(පාරිභා.) නා. වසා වාහිනියක ස්පන්දනය වන කොටස.
වසික
වි. කැමැත්ත අනුව සිද්ධවන ; හිතන ආකාරයට ක්‍රියා කළ හැකි ; අවනත වූ.
වසිතාව
නා. වසඟ බව.
වසිනවා
ක්‍රි. වැස්ස පවතිනවා ; වර්ෂණය වෙනවා.