සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1469
වසී
1. නා.ප්ර. කෙලෙස් තවන ලද මුනිවරයා ; තාපසයා.
2. මෙහෙකරුවා.
වසු
1. නා.ප්ර. වස්සා.
2. දෙවිකෙනෙකුගේ නාමයක්.
3. වචනය.
වසුදර
නා.ප්ර. පොළොව.
වසුන
1. නා. වැස්ම ; පියන.
2. වළඳ.
වසුන් කද
නා. කෑම භාජන එල්ලාගෙන යන කද ; ආහාර අඩුක්කුව.
වසුන්පත
නා. වැසීම සඳහා ගනු ලබන වට්ටිය.
වසුපති
නා.ප්ර. පෘථිවියට අධිපතියා ; රජ.
වසුමති
නා.ප්ර. පොළොව.
වසුරු
නා.ප්ර. සතුන්ගේ වර්චස් ; අශුචි.
වහ
(කථා.) නා.ප්ර. 1. වස ; විෂ.
2. (කථා.) වැසීම ; ආවරණය.
3. බිළිය.
වහ ගන්නවා
ක්රි. හංගනවා ; වසා ගන්නවා.
වහංගුව
නා. වසන් කිරීම ; සැඟවීම.
වහකදුරු
නා.ප්ර. කදුරු වර්ගයක්; විෂ කදුරු.
වි. (රූඪි.) ඉතා අප්රිය.
වහණ
නා.ප්ර. ගල ; පාෂාණය.
වහත්
නා.ප්ර. අකැමැත්ත ; අප්රසාදය.
වහතු
වි. අප්රිය ; අමිහිරි ; කෑමට අරුචි.
වහතොලු
වි. කටින් වැගිරෙන කෙළ ඇති ; කෙළතොලු.
වහන
1. නා. වාහනය ; යානය රිය.
2. පාවහන ; මිරිවැඩි සඟල.
වහනය
1. නා. හැසිරීම.
2. විහිදීම.
3. වැගිරීම.
වහනවා
1. ක්රි. හමනවා ; විහිදෙනවා.
2. ගලා යනවා.
3. වාසය කරනවා.
4. උසුලනවා ; දරනවා.
5. ආවරණය කරනවා ; වසනවා.
6. ලබාදෙනවා.
වහන්
1. නා.ප්ර. පිරි ඉතිරී යාම.
2. යුගඳුරු පවුව.
වහන්තරාව
1. නා. කඩතුරාව.
2. පොරෝනය ; පිළිවෙළකට නැති ඇඳුම.
3. අහස් වියන.
4. වැස්ම ; පියන.
වහන්දෑ
නා.ප්ර. භික්ෂූන් හා වැඩිහිටියන් ගෞරවනීය ව හැඳින්වීමට යෙදෙන පදයක්.