සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1470

වහන්පත

නා. පන් පොල්කොළ ආදියෙන් මුළු සතරක් වන ලෙස නො ගැඹුරට වියූ පියන්පත.

වහන්පතුල්

නා.බහු. පාවහන් ; මිරිවැඩි.

වහන්වෙනවා

ක්‍රි. සැඟවෙනවා ; මුවහ වෙනවා.

වහන්සේ

නා.ප්‍ර. බුදු, රහත්, ශ්‍රමණ, ශාන්තුවර, රජ ආදි උසස් අය සඳහා යෙදෙන ගෞරව නාමයක්.

වහනේ

නා.ප්‍ර. දැඩි කළ ශක්තිමත් යකඩ.

වහර

1. නා.ප්‍ර. ව්‍යවහාරය ; භාවිතය.
2. උපකාරය ; උදව්ව.
3. වැස්ස ; වරුසාව.

වහරනවා

ක්‍රි. ව්‍යවහාර කරනවා ; භාවිත කරනවා.

වහල

1. නා. ගෙයක උඩින් කරන ආවරණය ; පියස්ස ; ඡදනය.
2. උපකාරය.

වහල්

1. වි. මෙහෙකාර ; දාස.
2. උපකාර වූ ; පිහිට ඇති.
3. පියසි සම්බන්ධ.

වහල් දඬුව

නා. කරත්තයක ඒරියකඳ අග බිම වදිනු සඳහා සවි කරන ලද ලී කැබැල්ල.

වහල්පලය

නා. වහලේ පැතිකඩය.

වහල්ල

1. නා. කොස්ගෙඩි ආදියෙහි මැද ඇති නාරටිය බඳු කොටස.
2. වැටකොලු ආදියෙහි මැද ඇති කෝෂය.
3. ඇන්ද ; පෙළ.

වහල්ලනවා

(කථා.) ක්‍රි. දෙවියන්ට බාර ඔප්පු කරනවා.

වහලා

1. නා. දාසයා ; මෙහෙකාරයා.
2. කිසිදු අයිතිකමකින් තොර ව දාසකම්හි යෙදෙන්නා.

වහවැටෙනවා

ක්‍රි. තදින් ඇල්ම දක්වනවා ; බොහෝ සේ ප්‍රිය කරනවා ; ආකර්ෂණය වෙනවා.

වහවෙනවා

ක්‍රි. විෂ බවට පත්වෙනවා.

වහස

1. නා. මඳ සිනාව.
2. වාසය ; පදිංචිය.
3. විහිළුව ; කවටකම.
4. අපහාසය ; නින්දාව.
5. හාස්‍ය රසය.

වහස්බැල්ම

1. නා. මඳ සිනා සහිත බැල්ම.
2. නෙත් කොන් බැල්ම.

වහසි

1. නා.ප්‍ර. ආඩම්බර වචනය ; උඩඟු තෙපුල්.
2. අපහාස වදන්.

වහළ

1. වි. වැහැරුණු ; කෙට්ටු.
2. මිරිකුණු ; වෙහෙසුණු.
නා.ප්‍ර. වැස්ස ; වර්ෂාව.

වහ්නි

නා.ප්‍ර. ගිනි ; අග්නි.

වහ්නි දක්ෂ

1. නා.ප්‍ර. ගින්නෙන් උපද්‍රවයකට පත් නොවීමට දන්නා තැනැත්තා ; ගින්නට බිය නොවන පුද්ගලයා.
2. ඇතුන් මෙල්ලකරන ක්‍රමයක්.

වහ්නි දග්ධය

නා. ගින්නෙන් පිළිස්සීම ; දැවීම ; වහ්නිදාහය.

වහ්නි දීපනය

1. නා. ගින්න වැඩීම.
2. ආහාර දිරවීමේ ශක්තිය වැඩිවීම.