සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1471

වහ්නි පුජාව

නා. ගිනි දෙවියා පිදීම ; ගිනිපූජාව ; වහ්නි තෝමය.

වහ්නි පුටය

නා. ගිනි ගුළිය ; ගිනිගොටුව.

වහ්නි ශරය

නා. ගිනි සහිත ඊය.

වහ්නි ශිඛා

නා.ප්‍ර. ගිනි සිළුව ගිනිදැල්ල.

වහා

ක්‍රි.වි. අප්‍රමාද ව ; ඉක්මනින් ; ශීඝ්‍ර ව.

වහි

වි. බාහිර ; පිටත.

වහිනවා

ක්‍රි. වලාකුළුවල වාෂ්ප ලෙස පවතින ජලය ඝනීභුත ව වායුගෝලය හරහා බින්දු ලෙස පොළවට වැටෙනවා ; වැස්ස පවතිනවා.

වහිර

නා. විහාරය.

වහිරංගය

නා. පිටතින් තිබෙන කොටස හෝ අවයවය.

වහිර්

වි. බාහිර ; පිටස්තර.

වහුං අරිනවා

ක්‍රි. පියන අරිනවා ; වැස්ම ඉවත් කරනවා.

වහුපුර

නා.ප්‍ර. ලංකාවේ පවතින කුලවලින් එකක් ; පුරාණයේ සිංහල රජුන්ගේ ආහාර පිස, කදින් ගෙන ගියා වූ ද, කාන්තාවන්ගේ දෝලා ඔසවාගෙන ගියා වූ ද අය අයත් වූ කුලය.

වළ

1. නා.ප්‍ර. පොළොව හැරුණු තැන ; ගැඹුරු පත්ලක් ඇති විවරය ; ආවාටය.
2. වළල්ල නූපුරය.
3. වස්ත්‍රය.
3. ව්‍යාඝ්‍රයා.
වි. ඇරුණු ; විවර වුණු.

වළ ඉහගන්නවා

ක්‍රි. වාසි ලැබෙන අවස්ථාවක් දුටු විට වහා ඉදිරිපත් වී එයින් ප්‍රයෝජන ගන්නවා.

වළ ලනවා

1. ක්‍රි. පොළව පස් හාරා යම් දැයක් එහි යට කර පස් දමනවා ; මිහිදන් කරනවා.
2. යටපත් කරනවා.

වළංඉල

(කථා.) නා.ප්‍ර. වළංළා පෙරළීම වැළැක්වීමට ලී පටි කීපයක් ගසා බඳිනා වැට.

වළංගු

1. වි. බලපවත්නා; අදාළ ; නිත්‍යනුකූල ; භාවිත ; පිළිගත්.
2. ශක්තිමත් ; ක්‍රියාකාරී.

වළංගූ මුදල්

නා.ප්‍ර. ව්‍යවහාරය සඳහා නිත්‍යනුකූල ලෙස නිකුත් කරන ලද මුදල්.

වළකටුව

නා. ලෝහයක වළ ගසා ගැනීමට ලෝකුරුවන් භාවිත කරන වානේ කටුව ; පුල්ලෝරම.

වළකඩය

1. නා. වළ ගැසුණු තැන.
2. කුඹුරේ වතුර බැස්සවීමට හා ඇතුළු කිරීමට නියරේ කපන ලද කොටස ; වක්කඩ.

වළකනවා

ක්‍රි. (යම්කිසි ක්‍රියාවක්) නතර කරනවා ; නවත්වනවා ; සිදුවීමට ඉඩ නොදෙනවා.

වළක්කම

නා. වළ ; වළකඩ.

වළකිනවා

ක්‍රි. යම් දෙයකින් ඈත ව සිටිනවා ; යමක් ඉටු නොවී යනවා.

වළකොස්ඇට

(කථා.) නා.ප්‍ර. නරක් නොවී තබා ගැනීමට වැලි සමග මිශ්‍ර කර වළක දමා තබන කොස් ඇට ; වැලිකොස් ඇට.

වළඳ

නා. කෑම පිසීම ආදිය සඳහා මැටියෙන් කළ භාජනය.