සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1472
වළබගිනි
නා.ප්‍ර. මුහුදේ ඇතැයි සැලකෙන වෙළඹකගේ මුඛය වැනි ගිනිදළුව ; වඩබාග්නිය.
වළල්
නා.ප්‍ර. ජලාසයක දිය සිඳී, මඬ වේලී පැළී යෑමෙන් සෑදෙන කැබලි ; වළල් කැට ; පැළිවලන්.
වළල් මඩ
නා. දිය සිඳුණු ජලාශයක ඉතිරිවන මඩ.
වළල්ල
1. නා. අතේ හෝ පයේ පළඳින කවාකාර ආභරණය.
2. කවාකාරව සාදනු ලබන දෙය ; වළයාකාර දෙය.
3. නාලය ; දණ්ඩ.
4. පාත්‍රය තබන ආධාරකය ; දරණුව.
5. තොණ්ඩුව.
වළලුකර
නා.ප්‍ර. කකුලේ ඇස්වටය ළඟ ඇති සන්ධිය ; මැණික් කටුව ; බොලට සන්ධිය ; මිණිබන්ධය.
වළවක්කඩ
(කථා.) නා. ලොකු වක්කඩ.
වළව්ව
නා. වංශවත් අය වාසය කළ ගෘහය ; රදළයන් හා උසස් නිලදරුවන් වාසය කළ නිවෙස.
වළවැසිකිළිය
නා. අපද්‍රව්‍ය කෙළින්ම විවෘත වළකට යොමුවන සේ තැනූ වැසිකිළිය.
වළහනවා
1. ක්‍රි. නොහැගෙන සේ යම්කිසිවක් හෝ කරුණක් වසන් කරනවා ; වළකනවා.
2. රවටනවා.
වළා
1. නා.ප්‍ර. බුද්ධ ධර්මය ඇතුළත් කොට තිබෙන පිටක.
2. වළල්ල.
වළාම
1. නා. මහත් අඳෝනාව ; දුක්බර විලාපය.
2. මිනී වැළලීම.
වළිකුකුළා
නා. කැලෑවෙහි වසන ගම්කුකුළාට සමාන පක්ෂියෙක්; ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා.
වළිගහනවා
(කථා.) ක්‍රි. කීප දෙනකු එකතුව එක වරට ප්රයත්නයක යෙදෙනවා.
වළිය
නා. වාරය ; අවස්ථාව.
වළු
1. නා.ප්‍ර. කොපු කපු ආදියෙන් ඇඹරූ කැරලි ; වැටි.
2. වස්ත්‍ර ආදියෙහි එල්ලා වැටෙන සේ තබන රැලි ; නෙරි.
3. කැන් ; කෙසෙල් කැන්.
4. තල්, පොල්, පුවක් ආදී ගෙඩි එකට හටගන්නා කිනිත්ත ; වල්ල ; පොකුර.
වළු අඹරනවා
(කථා.) ක්‍රි. නූල්, ලනු ආදිය ඇඹරිම සඳහා කපු කොහු ආදියෙන් වළු තනනවා.
වළු කටිනවා
(කථා.) ක්‍රි. නූල්සාදා ගැන්මට කපු නෙළනවා.
වළුක්කම
නා. කන්දක බෑවුම ; ප්රපාතය ; පල්ලම.
වළුස්ස
(කථා.) නා.ප්‍ර. බෑවුම ; පල්ලම.
ව්‍යංගය
නා. හිසේ, මුහුණේ ඇතිවන කැලැල් හෝ පුල්ලි විශේෂයක්.
ව්‍යංග්‍ය
වි. වචනාර්ථයෙන් නොපැවසෙන ; වක්‍ර මාර්ගයෙන් දැක්වෙන.
ව්‍යංග්‍යාර්ථය
[ව්‍යංග්‍ය + අර්ථය]
නා. වචනාර්ථයෙන් එහි අනුසාරයෙන් හැඟවෙන අර්ථය ; ඉංගිතාර්ථය ; ධ්වනිතාර්ථය.
ව්‍යංජනය
1. නා. ශබ්දය ; අක්ෂරය ; හල් අකුර ; චිහ්නය.
2. නිමිත්ත ; ලක්ෂණය.
3. වාක්‍යාංශය ; වැකිය.
4. වෑංජනය ; මාළුව.
ව්යංජනාක්ෂර
[ව්‍යංජන + අක්ෂර]
නා.ප්‍ර. ස්වර රහිත අකුරු ; හල් අකුරු ; ගාත්රාක්ෂර.