සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1474
ව්‍යඤ්ජනාක්ෂරය
ව්යත්යය
නා. ව්‍යතික්‍රමය ; ඉක්මවීම ; විපර්යාසය ; විනිමයය.
ව්යත්යාස
නා.ප්‍ර. මාරු වීම ; විපර්යාසය ; උඩුයටි යා වීම.
ව්යතික්රම ප්රතාණය
නා. ඉක්මවා නොයාම ; සැලකිලිමත් වීම ; උල්ලංඝනය නොකිරීම.
ව්යතික්රම වස්තුත්පත්තිය
[ව්යතික්රම වස්තු + උත්පත්තිය]
නා. ශික්ෂා පදයක් බිඳීමේ වරද.
ව්යතික්රම සාධකාවස්ථාව
1. නා. ශික්ෂාපද ඉක්මවීමට හේතු වන අවස්ථාව.
2. විනය නීති උල්ලඞ්ඝනයට හේතු වන කාරණය.
ව්‍යතික්‍රමණය
නා. ඉක්මවා යෑම ; නොසලකා හැරීම.
ව්‍යතික්‍රමය
1. නා. ඉක්මවීම ; නොසලකා හැරීම.
2. නීත්‍යානුකූල බලය වැරදි ලෙස භාවිත කිරීම.
ව්‍යතිමිශ්‍ර
වි. අවුල් වූ ; මිශ්‍ර වූ.
නා.ප්‍ර. මිශ්‍ර වූව ; අවුල් වූ දෙය.
ව්‍යතිරික්ත
වි. වෙනස් වූ ; භින්න වූ ; විසම වූ ; ඉතිරි වූ ; තොර වූ.
ව්‍යතිරේක
වි. වෙනස් ; විශේෂ ; වෙන් වූ.
ව්‍යතිරේකය
1. නා. සම්මතයට වෙනස ආකාරය.
2. කාව්යාලංකාරයක නාමය ; උපමාන උපමේය දෙකෙහි භේදය ඇඟෙන විට, එයින් එකක භේදය ඇඟවීම සඳහා යෙදෙන අලංකාරය.
ව්යතිහාරය
නා. හුවමාරුව ; වචන, ප්‍රහාර, පද හුවමාරු කිරීම.
ව්යථවේදය
නා. රෝග පීඩාවල හේතු සොයා ගැනීමේ ශාස්ත්‍රය ; ව්‍යාධි වේදය.
ව්යථාව
නා. සිත්තැවුල ; පීඩාව.
ව්යධනය
නා. විදීම ; සිදුරු කිරීම.
ව්යන්යාසය
නා. මාරු වීම ; හුවමාරුව ; ආදේශය (ව්‍යාක.).
ව්යපගත
වි. පහ වූ ; වෙන් වූ ; පැතිරී ගිය.
ව්යපගමය
නා. වෙන් වීම ; දුරු වීම.
ව්‍යපදේශය
1. නා. කීම ; දැක්වීම.
2. නාමය ; සංඥාව ; ව්‍යවහාරය.
ව්යපනය
නා. පැතිරියාම ; ව්‍යාප්තිය.
ව්‍යපශමනය
නා. රෝගාදියෙහි සංසිඳීම ; සුවවීම ; ඉවත් වීම.
ව්යපශාන්ත
වි. සන්සිඳුණු ; මිදුණු ; සුව වූ.
ව්යපසංසය
නා. වෙන් කිරීම ; වෙන්කර තැබීම.