සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1475
ව්යපේක්ෂාව
නා. අපේක්ෂාව ; බලාපොරොත්තුව.
ව්‍යභිචාරය
1. නා. විෂම වැරදි හැසිරීම ; සමාජය නොපිළිගන්නා පැවැත්ම ; පරපුරුෂ හෝ පරස්ත්‍රී සේවනය.
2. (ව්‍යාක.) අනියම් ක්‍රමය ; විශේෂ විධිය.
3. (දර්ශන.) අසම්බන්ධතාව.
4. රස නිෂ්පත්තියට හේතු වන කාරණය ; ව්යාභිචාරීභාවය.
ව්යභිචාරිණී
නා. පුරුෂයන් සොයා යන ස්ත්‍රිය ; අභිසාරිකාව.
ව්‍යය
1. නා.ප්‍ර. නැති වීම ; විනාශය ; භංගය.
2. (ධනය ආදිය) වැය වීම ; වියදම.
ව්‍යය දර්ශනය
නා. (ස්කන්ධයන්ගේ) විනාශය දැක්ම ; කෙළවර වීම ; නැතිවීමේ ස්වභාවය.
ව්‍යය ලක්ෂණය
නා. නැතිවීමේ ස්වභාවය ; සෑම දෙයකටම පොදුව පවතින විනාශවීමේ ලක්ෂණය.
ව්‍යය ස්ථානය
නා. (ජ්‍යෝති.) ජන්ම කේන්ද්‍රයක වියදම ගැන පෙන්වන (රාශි චක්‍රයේ 12 වැනි) ස්ථානය.
ව්යයී භාවය
නා. නැති වීම ; අභාවය.
ව්‍යර්ථ
වි. ප්‍රයෝජන නැති ; නිෂ්ඵල.
ව්යලීක
නා.ප්‍ර. නොකටයුත්ත ; අපරාධය.
ව්යවකලනය
නා. (ගණිත.) අඩු කිරීම.
ව්යවක්ෂිත
වි. කියනු කැමති.
ව්යවකාර
වි. රූපාදි ස්කන්ධ පඤ්චකය.
ව්යවකීර්ණ
වි. ගැවසුණු ; මිශ්‍ර වු.
ව්යවච්ඡින්න
වි. සිඳින ලද ; ඡේදනය කළ.
ව්‍යවච්ඡේද විද්‍යාව
නා. ශරිරය නිර්මාණය වී ඇති අයුරු ඉගෙනීමේ විද්‍යාව ; ව්‍යුහ විද්‍යාව.
ව්යවච්ඡේදකය
නා. (ව්‍යාක.) වළක්වන පදය ; වෙනස ; විශේෂය දක්වන පදය.
ව්‍යවච්ඡේදය
නා. කැපීම ; සිඳීම ; කපා වෙන් කිරීම.
ව්යවදානකර ධර්මය
නා. පිරිසිදු බව ඇති කරන ධර්ම.
ව්‍යවදානය
1. නා. පිරිසිදුවීමට හේතුවන කාරණය.
2. පිරිසිදු වීම.
ව්‍යවධාන ශ්‍රැතිය
නා. සමාන අකුරු හෝ පද හෝ දෙකක් අතර වෙනස් අකුරක් හෝ පදයක් ඇසීම.
ව්යවධානය
නා. බාධකය ; වැසීම ; අතරතුර බාධකයක් ඇති කිරීම.
ව්‍යවර්තනය
නා. ඉවත් කිරීම ; වර්ජනය ; බහිෂ්කාරය.
ව්යවසර්ගය
නා. නිදහස් කිරීම ; වෙන් කිරීම ; නිෂ්ක්‍රමණය.