සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1476
ව්යවස්ථාදායකය
නා. රාජ්යයක ප්රධාන නීති සම්පාදන ආයතනය ; රාජ්ය මන්ත්රණ සභාව ; පාර්ලිමේන්තුව.
ව්යවස්ථානය
නා. නියම කිරීම ; පිරිසිඳීම.
ව්යවස්ථානුකූල
ව්යවස්ථානුරූප
නා.ප්ර. බෙදීම් කරන ආකාරය ; නියම කරන ආකාරය.
ව්යවස්ථාපන කෘත්යය
නා. විමසූ අරමුණේ තතු නිශ්චය කිරීම.
ව්යවස්ථාපන චිත්තය
නා. විමසූ දෙයෙහි තතු නිශ්චය කරන්නා වූ සිත.
ව්යවස්ථාපනය
නා. පිහිටුවීම ; නියම කිරීම ; ව්යවස්ථා කිරීම.
ව්යවස්ථාපිත
වි. ව්යවස්ථාදායකය විසින් නියම කරන ලද ; පනවන ලද.
ව්යවස්ථාමාලාව
නා. ලිඛිත නීතිමාලාව ; ව්යවස්ථාදායකය විසින් ඇති කළ නීති පද්ධතිය.
ව්යවස්ථාව
1. නා. නියමය ; නීතිය ; බෙදීම.
2. ආණ්ඩුක්රම ව්යවස්ථාව ; රටේ මූලික නීතිය.
3. සමිතියක් හෝ ආයතනයක් හෝ පාලනය වන නීති පද්ධතිය.
ව්යවසාය
1. නා.ප්ර. අධිෂ්ඨානය ; නිශ්චය.
2. ආයෝජනය ; ව්යාපාරය.
ව්යවසායාර්ථ
නා.ප්ර. නිශ්චයාර්ථය.
ව්යවහාර
1. නා.ප්ර. පැවැත්ම ; භාවිතය ; සිරිත්.
2. ගණුදෙනු ; සම්මතයෙහි පවතින.
වි. භාවිතයෙහි තිබෙන.
ව්යවහාර දේශනා
නා.ප්ර. ව්යවහාර බහුල කොට කළ බුද්ධ දේශනා ; බුද්ධ ධර්මයේ සූත්ර පිටකයට අයත් දේශනා.
ව්යවහාර මුදල්
නා.ප්ර. නීතියෙන් පිළිගත් මුදල් නෝට්ටු, කාසි, බැංකු නෝට්ටු ආදිය.
ව්යවහාරශක්ති
නා.ප්ර. දක්ෂකම් අවබෝධය සහ අගය කිරීම් සහ ඇතුළත් ශක්තිය ; උත්පාදක ශක්තිය ; පෞරුෂය වර්ධනය කරන ශක්තිය.
ව්යවහාරික
වි. ව්යවහාර පිළිබඳ ; භාවිතයට ගන්නා වූ.
ව්යවහාරික ඒකක
නා.ප්ර. දිග, බර, කාලය, අගය ආදි දේ මැනීමට එදිනෙදා භාවිත කෙරෙන ප්රධාන ඒකක.
ව්යවහාරික ගණිතය
නා. ව්යවහාරික ලෝකයෙහි හෝ ඉන්ද්රියගෝචර ලෝකයෙහි ඇති කරුණුවලට අදාළ ගණිතය.
ව්යවහාරික මහාමාත්ය
නා.ප්ර. අධිකරණ නායක අමාත්යයා.
ව්යවහාරික විද්යාව
නා. අරමුණක් ඇතිව භාවිතයෙහි යෙදෙන විද්යාව ; උපයෝගී විද්යාව.
ව්යවහාරික සත්තාව
නා. උපනිෂද් ධර්මයෙහි දැක්වෙන චතුර්විධ සත්තාවලින් එකක්.
ව්යවහාරික සත්යය
නා. වේදාන්ත දර්ශනයෙහි සත්යය මැනීම හා විනිශ්චය සඳහා උපයෝග කොට ගත් ප්රායෝගික සත්යය.
ව්යවහිත
1. වි. වැසුණු ; යටපත් කළ.
2. පැතුරුණු.