සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1477
ව්‍යවහෘත
වි. ව්‍යවහාර කළ ; භාවිත කරන ලද.
ව්යවායී
නා.ප්‍ර. අබිං කංසා මෙන් ශරීරය පුරා ගුණ පතුරුවා වහා ක්‍රියාකාරි වන ඖෂධ විශේෂයක්.
ව්යසනප්රාප්ත
වි. විපතට පැමිණි ; විනාශ වුණු.
ව්‍යසනය
නා. විපත්තිය ; පීඩාව ; විනාශය.
ව්‍යස්ත
වි. කොටස්වලට කැඩී ගිය ; ඉරිගිය ; අවුල් වූ.
ව්යස්තරූපක
නා.ප්‍ර. උපමා උපමේය ද්වය සමාන නොවී වෙන් වෙන්ව සිටින රූපකය.
ව්යා
නා.ප්‍ර. සසින හෙවත් අභිත ආයුධය ; වෑය.
ව්යාකරණනය
නා.ප්‍ර. ව්‍යාකරණ න්‍යාය ; භාෂා ව්‍යවහාරය පිළිබඳ නීති ක්‍රමය ; ව්‍යාකරණ විධිය.
ව්‍යාකරණය
1. නා. නිවැරදි භාෂා ව්‍යවහාරය පිළිබඳව ඇති කරගත් නීති රීති සමූහය ; භාෂාවක් නිවැරදිව භාවිත කිරීමට උගන්වන ශාස්ත්‍රය.
2. විවරණය ; විස්තර කථනය ; ප්‍රකාශය.
3. විසඳීම ; පැහැදිලි කිරීම ; අර්ථකථනය.
ව්යාකීර්ණ
වි. පැතිරීගිය ; විසිරි පවතින.
ව්යාකීර්ණය
නා. අදහස නිරවුල්ව නොපැවසීමෙන් ඇති වන වාක්‍ය දෝෂය.
ව්‍යාකූල
වි. අවුල් සහගත පටලැවිලි සහිත.
නා.ප්‍ර. අවුල් සහගත බව.
ව්‍යාකූල සංජානනය
(පාරිභා.) නා. අවුල් සහගත අවබෝධය ; අව්‍යාකත විඥානය.
ව්‍යාකූල සන්නිපාතය
නා. අවුල් සහගත එකතුව ; ගොනුවක් නැති රාශිය.
ව්‍යාකෘත
වි. ප්‍රකාශ කරන ලද ; විස්තර කරන ලද ; විවරණය කැරුණු.
ව්යාඛ්යාකාරයා
නා. අර්ථ කථනය කරන්නා ; විවරණ සපයන්නා.
ව්‍යාඛ්‍යාත
වි. අරුත් පැහැදිලි කරනු ලැබූ.
ව්‍යාඛ්‍යානය
1. නා. අර්ථ පැහැදිලි කිරීම.
2. පැරණි ග්‍රන්ථයකට අර්ථකථන සපයන ග්‍රන්ථය.
ව්යාඝ්රදන්ත
නා.ප්‍ර. මුදුන් දෙකකින් යුතු ඇඹරුම් දත් ; ද්විතුණ්ඩ දන්ත.
ව්‍යාඝ්‍රයා
නා. බිඩාල (විඩාල) (බළල්) ගෝත්‍රයට අයත් විශාලතම වනචාරී රෞද්‍ර සිවුපාවා.
ව්යාඝාතක
1. වි. පහර දෙන ; ඝට්ටනය වන.
2. බාධා වූ ; අවහිර වූ.
ව්යාඝාතදෝෂය
නා. පරස්පර විරුද්ධ අර්ථ ගත හැකිවීමේ දෝෂය ; පරස්පර විරෝධතා දෝෂය.
ව්යාඝාතනය
1. නා. ගැටුම ; හැපීම.
2. බාධකය ; අවහිරය.
ව්යාඝාතය
1. නා. විනාශය ; උපද්‍රවය ; අනතුර.
2. එකිනෙක අර්ථ අතර ඇති විරෝධය.