සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1478
ව්‍යාජ
වි. බොරු ; රැවටිලි සහගත ; කපටි.
ව්‍යාජ උසාවිය
නා. නීතියට යටත්ව, රාජ්‍ය පාක්ෂික භාවයෙන් යුතුව, සමාගමක් මගින් පිහිටුවාගනු ලබන උසාවිය.
ව්‍යාජ ජලක්ලෝමය
නා. ජලයෙහි ඇති වාතය ඇදගැනීම සඳහා ජලජ ජීවීන්ගේ ශ්වසන පද්ධතියේ වූ අවශේෂ කරමලය.
ව්‍යාජ පර්ශුව
(පාරිභා.) නා. පෘෂ්ඨවංශීන්ගේ 8, 9 සහ 10 වැනි ඌරෝස්ථිය පර්ශු 7 වැනි යුගලයට අනියම් ලෙස සම්බන්ධවී තිබීම.
ව්‍යාජ බල්බය
නා. ආහාර පිරුණු පත්‍ර පාදවලින් සෑදුණා වූද, පොළොව යට පවතිමින් ජලය ගබඩාකර තබාගන්නා වූද අලයක් වැනි විශේෂ අංකුරය.
ව්‍යාජ ශ්වාසනාල
(පාරිභා.) නා.ප්‍ර. 1. ඩිප්ටෙරා ගෝත්‍රයට අයත් ගෙමැස්සාගේ, ඛණ්ඩිකාවල යටිපැත්තේ අසම්පූර්ණ ලෙස සිලින්ඩරාකාරව පිහිටා ඇති නාල වර්ගය.
2. ශාකයක කඳක් තුළ පිහිටි ප්‍රධාන නළයක් කරා දිවෙන තාවකාලික නාල.
ව්යාජකෝෂ්ඨය
(පාරිභා.) නා. අක්‍රිය අවස්ථාවෙහි ඇති ජීවියකු වසා පවතින තාවකාලික පටලය.
ව්යාජපාදය
නා. ඒක සෛලියකු විසින් ගමන් කිරීම හෝ ආහාර ලබාගැනීම හෝ තාවකාලිකව විහිදුවන පාදය.
ව්යාජඵලය
(පාරිභා.) නා. කජු පුහුලමක දැක්වෙන පරිදි ඡායාංගයට අමතරව මලේ අනෙක් කොටස්වලින් සෑදෙන ගෙඩියක් වැනි කොටස.
ව්යාජමෘදුස්තරය
නා. (පාරිභා.) දිලීර සූත්‍රිකා එකට ගෙතීමෙන් සෑදෙන පටකය.
ව්යාජසංයෝගය
නා. මූල ද්‍රව්‍ය දෙකක් හෝ ඊට වැඩි ගණනක් බර අනුව යම්කිසි අනුපාතයකින් රසායනික ලෙස සම්බන්ධ වී සෑදෙන තාවකාලික ද්‍රව්‍යය ; බොරු මිශ්‍රණය.
ව්‍යාජෝක්තිය
නා. රැවටිලිකාර කියමන.
ව්යාඩාකාන්තාර
නා.ප්‍ර. නපුරු සිවුපා ආදින් වාසය කරන මහා වනාන්තරය.
ව්‍යාතතිය
නා. පිම්බීම ; මහත්වීම.
ව්‍යාධ
වි. වැදි ; වනචාරී.
ව්‍යාධි අවේක්ෂණය
නා. රෝග පිළිබඳව විමසා බැලීම.
ව්‍යාධි දුක්ඛය
නා. රෝග නිසා හටගත් දුක.
ව්‍යාධිකාරකය
නා. රෝග ඇතිකරන ජීවියා.
ව්‍යාධිජනක
වි. රෝග ඇති කරන ; රෝග ගෙන එන.
ව්‍යාධිත
වි. රෝගවලින් පෙළෙන්නා වූ.
ව්‍යාධිය
1. නා. රෝගය ; අසනීපය ; ආබාධය.
2. කාව්‍යාලංකාර ප්රභේදවල දැක්වෙන ව්යාභිචාරිභාව තිස් තුනෙන් එකක්.
ව්යාධිවිද්යාව
නා. රෝග පිළිබඳව හැදෑරීමේ ශාස්ත්‍රය.
ව්යානය
නා. සිරුර සැමතැන ම පැතිර පවත්නා පස් වැදෑරුම් ප්රාණධාරක වායුවෙන් එකක්.
ව්‍යාපක
වි. හාත්පසින් පැතිරෙන ; ව්‍යාප්ත වන.