සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1479
ව්යාපකපද්ධතිය
නා. ව්‍යාප්ත කිරීමේ ක්‍රියා පරිපාටිය ; බෙදා හැරීමේ පිළිවෙළ.
ව්‍යාපකය
නා. පැතිරීම ; විහිදීම ; ප්‍රසාරණය.
ව්යාපකානුපලබ්ධිය
නා. ව්‍යාපකය හෙවත් පැතිර පවත්නා අර්ථය නොලැබීම.
ව්යාපජ්ජන
නා.ප්‍ර. හිංසාව ; ද්වේෂය ; කෝපය.
ව්‍යාපත්
නා.ප්‍ර. හිංසාව ; විපත්තිය ; විනාශය.
ව්‍යාපනය
නා. පැතිරීම ; විහිදීම ; ප්‍රසාරණය ; ව්‍යාප්තිය.
ව්‍යාපර චක්‍රය
(පාරිභා.) නා. කාලයක් තිස්සේ ව්‍යාපාර තත්ත්වවල ඇතිවන ක්රමානුකූල වෙනස්කම්.
ව්‍යාප්ත
වි. පැතුරුණු ; විහිදුණා වූ.
ව්‍යාප්ති න්‍යාය
(පාරිභා.) නා.ප්‍ර. ජාතික ධනය බෙදා හැරීමේ පිළිගත් නියමය.
ව්‍යාප්ති නිලධාරියා
(පාරිභා.) නා. යම්කිසි ව්‍යාපෘතියක් භාර නිලධාරියා.
ව්‍යාප්ති නිශ්චය
නා. සිතින් ම නිගමනයකට බැස සිටීම.
ව්‍යාප්ති ප්‍රමේය
(පාරිභා.) නා.ප්‍ර. තර්කයෙන් ප්‍රමාණ කළ යුතු හෙවත් ඔප්පු කළ යුතු ප්‍රකාශිත සිද්ධාන්තය.
ව්‍යාප්ති සංගුණකය
(පාරිභා.) නා. වීජ පදයක ඇති රාශියක සාධකය සඳහා වූ සංඛ්‍යාත්මක ප්රකාශනයේ විචල්‍ය නියතය.
ව්‍යාප්තිඥානය
නා. සාධ්‍ය සාධන දෙකින් නොබිඳිය හැකි අන්‍යෝන්‍ය සම්බන්ධතාව ඇති ඥානය.
ව්යාප්තිනියමය
(පාරිභා.) නා. එකිනෙක සමඟ ස්පර්ශ වෙමින් පවතින ද්‍රව දෙකක් අතර ඝන ද්‍රව්‍යයක් හෝ ව්‍යාප්ත වූ විට ඒ ඒ කලාප තුළ වූ සාන්ද්‍රණ අතර අනුපාතය පිළිබඳ නියතය.
ව්‍යාප්‍ය වස්තුව
නා. යම්කිසි දෙයක් සිදුවීමට ආධාරවන දෙය.
ව්යාප්යකාරකය
නා. හේතු කාරකය.
ව්‍යාප්‍යය
නා. පුළුල් කිරීමට පත් වන විශාල වස්තුවෙහි ඇති කුඩා වස්තුවල ව්‍යාප්තිය.
ව්‍යාපාදනීවරණය
නා. ද්වේශය, ක්‍රෝධය ආදී සිතිවිලි නැති කිරීම ; නිවන්මග අහුරන නපුරු සිතුවිලි.
ව්‍යාපාදය
නා. පංච නීවරණයන්ගෙන් එකක් ; අනුන්ට ක්‍රෝධ කිරීම ; ක්‍රෝධ සහගත සිත.
ව්‍යාපාර අයිතිය
(පාරිභා.) නා. වෘත්තීය හිමිකම ; වාණිජ ව්‍යාපාරයක් සම්බන්ධයෙන් ඇති හිමිකම.
ව්‍යාපාර ආයතනය
නා. වෙළඳ සමාගම ; වෘත්තීය සංස්ථාව.
ව්‍යාපාර ඒකකය
(පාරිභා.) නා. වාණිජ හෝ වෘත්තීය කොටස් වලින් එකක්.
ව්‍යාපාර ඔප්පුව
නා. හවුල් ව්‍යාපාරයක් සම්බන්ධව ඇති කරගත් ගිවිසුම ඇතුළත් ලියවිල්ල.