සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1480
ව්‍යාපාර කුල
නා.ප්‍ර. ව්‍යාපාරික ජන කොටස් ඇතුළත් කුලය.
ව්‍යාපාර කොටස් උත්පාදනය
(පාරිභා.) නා. බඩුමිල හෝ වෙළඳාම අධික ලෙස නැගීම.
ව්‍යාපාර ගිණුම
(පාරිභා.) නා. ව්‍යාපාර අනතුරකදී පිරිමහින ගිණුම.
ව්‍යාපාර ජාවාරම්කාරයා
නා. කොටස් වසයෙන් වෙළඳ ද්‍රව්‍ය ආදිය ගැනීම හා විකිණීම කරන තැනැත්තා.
ව්‍යාපාර තැන්පතු
නා.ප්‍ර. ව්‍යාපාරයේ දියුණුව නොකඩවා ගෙන යෑම පිණිස කරන ලද ගිණුම් තැන්පතු.
ව්‍යාපාර දර්ශකය
(පාරිභා.) නා. ව්‍යාපාරයේ ක්‍රියාකාරිත්වය පෙන්වන ලක්ෂ්‍යය ; තත්ත්ව දර්ශකය.
ව්‍යාපාර පරිවර්තනය
(පාරිභා.) නා. ව්‍යාපාරය වෙනස් කිරීම හෝ මාරු කිරීම.
ව්‍යාපාර පොළ
නා. ව්‍යාපාර වස්තු හා කොටස් විකුණන හා මිලට ගන්නා තැන.
ව්‍යාපාර වස්තු
නා.ප්‍ර. කොටස් වශයෙන් නොබෙදා ඕනෑම පුද්ගලයකුට ලොකු හෝ කුඩා කොටසක් මුදලට ගැනීමට හා විකිණීමට ඉඩ සලසන වෙළඳ සමාගමක අරමුදල.
ව්‍යාපාර වස්තු ගිණුම
නා. වෙළඳ සමාගමක අරමුදල තැන්පත් කළ ගිණුම.
ව්‍යාපාර වස්තුධාරකයා
නා. වෙළඳ සමාගමක අරමුදලේ සාමාජිකත්වය දරන තැනැත්තා.
ව්යාපාරමූල්යය
(පාරිභා.) නා. වෙළඳ ව්‍යාපාරය සඳහා යොදවා ඇති මුදල.
ව්‍යාපාරය
1. නා. රක්ෂාව ; රැකියාව ; වෘත්තිය.
2. ලාභ ලැබීමේ අදහසින් පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් විසින් කරනු ලබන වාණිජ හෝ කාර්මික කටයුත්ත.
3. වැඩ පිළිවෙල ; ව්‍යාපෘතිය.
4. උත්සාහය.
ව්යාපාර්යමාණ
වි. යොදනු ලබන්නා වූ.
ව්‍යාපාරික දැව
නා.ප්‍ර. වාණිජ වශයෙන් උසස් ලී දඬු වර්ග.
ව්‍යාපාරිකයා
නා. ව්‍යාපාර කටයුත්තක නියැලුණ පුද්ගලයා.
ව්‍යාපි
1. වි. පැතුරුණ ; ව්‍යාප්තිය පිළිබඳවූ.
2. සාධාරණ ; පොදු.
ව්‍යාපෘත
වි. නියුක්ත වූ ; යෙදුණා වූ.
ව්‍යාපෘතිය
නා. කිසියම් වැඩ පිළිවෙලක් සැකසීම ; සැලසුම.
ව්‍යාබාධය
නා. ධාතු හෝ චිත්ත වේග කැළඹීම නිසා ඇතිවන රෝග ආබාධ.
ව්‍යාමප්‍රභාව
නා. පුළුලින් බඹයක් වූ බුද්ධ ශරීරයෙන් නික්මෙන රශ්මි මණ්ඩලය.
ව්‍යාමය
නා. බඹය ; දෑත දිගු කළ විට එක අතක මැද ඇඟිලි කොණේ සිට අනිත් අතේ මැද ඇඟිලි කොනට ඇති දිග ; ඛ්යාමය.
ව්යාමිශ්ර
වි. විශේෂයෙන් මිශ්‍ර වූ ; කලවම් වූ.
ව්යාමූඪ
වි. විශේෂයෙන් මූළා වූ.