සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1481
ව්‍යාමෝහය
නා. මානසික වික්ෂිප්ත භාවය ; අතිශය මුළාව.
ව්යායාමජ සම්බාධය
(පාරිභා.) නා. ඉක්කා ගැහීම නිසා ඇතිවන ගැස්ම හෝ හිත් වේදනාවෙන් ඇති වන කම්පනය හෝ හදවතේ හටගන්නා අධික පීඩනය.
ව්‍යායාමය
1. නා. වෑයම ; උත්සාහය.
2. ශාරීරික අභ්‍යාසය ; සරඹ කිරීම.
ව්‍යාල
වි. ඉතා දරුණු ; ක්‍රෑර ; චණ්ඩ.
ව්‍යාල කාන්තාරය
නා. නපුරු වන සතුන් වාසය කරන මහ වනාන්තරය.
ව්යාලයා
1. නා. චණ්ඩ මෘගයා.
2. වක්‍ර වූ කුජ ග්‍රහයා.
ව්‍යාවට
වි. යෙදුණු ; නියුක්ත.
ව්‍යාවර්තනය
නා. ඇඹරීම ; කරකැවීම.
ව්‍යාවෘත
වි. යෙදුණා වූ ; මිඩංගු වූ ; නියුක්ත වූ.
ව්‍යාවෘත්ත
නා.ප්‍ර. වෙන්වීම ; ඉවත්වීම.
ව්යාවෘත්තිය
නා. පෙරළීම ; වෙනස් කිරීම.
ව්‍යාසය
1. නා. විස්තරය ; විග්‍රහය.
2. වෘත්තයක විෂ්කම්භය ; පළල.
ව්‍යාසාදකය
නා. විෂබීජ ; රෝග කාරක ද්‍රව්‍ය.
ව්‍යාසාදනය
නා. විෂබීජ නැසීම.
ව්යුත්ක්රම අනුපාතය
(පාරිභා.) නා. විලෝම අනුපාතය.
ව්යුත්ක්රම වර්ග නියමය
(පාරිභා.) (භෞති.) නා. භෞතික රාශියක් තවත් භෞතික රාශියක වර්ගයේ අගයට ප්‍රතිලෝමව සම්බන්ධතාව දක්වන නියමය ; ප්‍රතිලෝම වර්ග නියමය.
ව්යුත්ක්රමණය
(පාරිභා.) නා. නියම මාර්ගයෙන් වෙන් වීම ; ක්‍රම විරෝධීබව.
ව්යුත්ක්රමය
නා. එකිනෙකට වෙනස් බච ; පරස්පර විරෝධී බව.
ව්යුත්ථානය
නා. (අභි.) 1. සිතෙහි හටගත් ක්ලේශ නැඟී සිටින අවස්ථාව.
2. චිත්ත භූමි තුන.
3. අපාය දුක්ඛාදියෙන් නඟා සිටුවන ආර්ය මාර්ගය.
ව්යුත්පත්ත්යර්ථය
නා. ශබ්දවල නිරුක්තිය අනුව ලැබෙන අර්ථය.
ව්යුත්පත්තිඥානය
නා. පිරිසිඳ දත් නුවණ ; නිපුණ බුද්ධිය.
ව්‍යුත්පත්තිය
1. නා. ප්රභවය ; මූලාවස්ථාව ; නිරුක්තිය.
2. නව නිර්මාණ ශක්තිය.
ව්‍යුත්පන්න
1. වි. ව්‍යාකරණානුකූලව නිපන්.
2. උගත් ; සමර්ථ.
2. (පාරිභා.) නිපදවාගත් ; හටගත්.
ව්‍යුත්පන්න ඒකකය
(පාරිභා.) නා. නිපදවාගත් උත්පාදිත මිම්ම ; දිග, කාලය හා ස්කන්ධය යන ඒවායේ මූලික ඒකකවලට බාහිර වූ එහෙත් ඒවායින් උත්පාදිත වූ ඒකකය.