සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1482
ව්‍යුත්පන්න චිත්ත
වි. උගත් හෝ සමර්ථ හෝ සිත් ඇති.
ව්‍යුත්පන්න සමීකරණය
(පාරිභා.) නා. භෞතික රාශි කීපයක් මඟින් සමීකරණයක් ගොඩනැංවීම ; අපෝහන සමීකරණය.
ව්යුත්පාදනය
නා. (ව්‍යාක.) ව්‍යාකරණානුකූලව පද, ශබ්ද සාධනය හෝ නිපදවීම.
ව්යුතික්රමණ අවස්ථාව
නා. සිතෙහි හටගන්නා ක්ලේශවල අවස්ථා තුනෙන් එකක්.
ව්‍යුපශමනය
නා. (අභි.) කෙලෙස් දුරු කොට සන්තාප නැති කිරීමෙන් ලැබෙන සංසිඳීම ; සැනසීම ; සුවය.
ව්‍යුහය
1. නා. යුද්ධ සේනාංක (සකටාදි ආකාරයෙන්) සිටුවන ආකාරය.
2. සමූහය.
3. සම්පිණ්ඩනය.
ව්‍යූපශමය
නා. කෙලෙස් දුරුකිරීමෙන් සිතට ලැබෙන සුවය ; සැනසීම.
ව්යූපශාන්ත
(අභි.) වි. කෙලෙස් නැසීමෙන් ලැබූ සන්සුන් බවන් යුත්.
ව්‍යූහ පරිවර්තනය
නා. මනුෂ්‍ය සහ සත්ත්ව ශරීරවල ස්නායු සෛලවල ඇති වන වෙනස.
ව්‍යූහ ලක්ෂණ
නා.ප්‍ර. (භූගෝ.) භූචලන ආදියෙහි ප්‍රතිඵල නිසා, පෘථිවි අභ්‍යන්තරයේ මතුපිට ඇති වන විවිධ භූරූප.
ව්යූහක
නා.ප්‍ර.බහු. මනුෂ්‍ය සත්ත්ව ශරීර සහ ශාක සෑදී ඇති අති සූක්ෂ්ම සෛල.
ව්‍යූහනය
නා. නිර්මාණය ; ආකාරය.
ව්‍යූහය
1. නා. ආකෘතිය ; රාමුව.
2. යුද්ධ සේනාව ; සටන සඳහා යුද සෙනඟ සිටුවන ක්‍රමයක්.
3. පද්ධතිය ; පිළිවෙළ.
ව්යූහවිද්යාව
(පාරිභා.) නා. මනුෂ්‍ය සහ සත්ත්ව ශරීර සහ ශාකවල අභ්‍යන්තර සහ නතර බාහිර නිර්මාණය හැදෑරීම ; ව්‍යවච්ඡේද විද්‍යාව.
ව්යූහසූත්රය
(පාරිභා.) නා. සංයෝගයක සංයුතිය රේඛා ආධාරයෙන් දක්වන ආකෘතිය.
ව්‍යූහික
වි. නිර්මාණයවීම සහ සම්බන්ධ.
ව්‍යෝම
නා.ප්‍ර. ආකාශය ; ගුවන.
ව්යෝමයාත්රා
නා.ප්‍ර. ගුවනෙහි යෑම ; අහසෙහි ගමන් කිරීම.
ව්රජ
නා.ප්‍ර. සමූහය ; රංචුව.
ව්රජ්යා
1. නා.ප්‍ර. යෑම ; ගමන.
2. කෝෂ නමින් හැඳින්වෙන ශ්ලෝක සමූහය නිබන්ධනය කරන ක්‍රමය.
ව්රණක්ෂය
නා.ප්‍ර. වණවලින් ලේ ගැලීමෙන් ශරීරය වියළිවීම නිසා හට ගැනෙන අසාධ්‍ය ක්ෂය රෝග විශේෂයක්.
ව්රණකාව
නා. වණය ; තුවාලය.
ව්රණමයතාව
නා. චර්ම රෝග සෑදී ශරීරය වණ වීම.
ව්‍රණය
නා. තුවාලය ; වණය.