සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1524
විදුරවි
1. නා.ප්‍ර. ශක්‍රයාගේ ආයුධය ; වජ්රායුධය.
2. සක්දෙවිඳු.
විදුරසුන
නා. වජ්රාසනය.
විදුර්ග
නා.ප්‍ර. යෑමට අතිශයින් අපහසු ස්ථානය.
විදුරුගල්
නා.ප්‍ර. මැණික් විශේෂයක් ; දියමන්ති.
විදුරුගිරි
නා.ප්‍ර. වජ්ර පර්වතය ; විදුරුගල.
විදුරුනැණ
නා.ප්‍ර. දියමන්ති මෙන් විනිවිද දැකිය හැකි සියුම් නුවණ ; ඉතා තීක්ෂ්ණ ඥානය.
විදුරුමස
නා. දත් පිහිටා තිබෙන ශක්තිමත් මාංසල පටකය.
විදුරුමිණි
නා.ප්‍ර. දියමන්ති.
විදුරුමුව
නා.ප්‍ර. කූඩැල්ලා.
විදුලි අණුව
නා. ඉලෙක්ට්‍රෝනය.
විදුලි අවාන
නා.ප්‍ර. විදුලියෙන් ක්‍රියා කරන අවාන ; විදුලිපංකාව.
විදුලි ආරෝපණය
1. නා. යම්කිසි වස්තුවකට විදුලිය කැවීම.
2. යම්කිසි වස්තුවකට කැවී පවතින විදුලිය ; විද්‍යුත් ආරෝපණය.
විදුලි ආලෝකනය
නා. විදුලි බලයෙන් ආලෝක කිරීම ; විද්‍යුත් ආලෝකය.
විදුලි ආවර්තනය
නා. විදුලියෙහි කරකැවීම ; පරිභ්‍රමණය.
විදුලි උත්පාදනය
නා. විදුලිබලය යන්ත්‍රානුසාරයෙන් නිපදවීම.
විදුලි කණිකා
නා.ප්‍ර. විද්‍යුත් අංශු ; විදුලි කැට.
විදුලි කම්පනය
නා. විදුලියේ බලපෑමෙන් හටගැනෙන බලවත් ක්ෂණික චලනය.
විදුලි කාන්දම
නා. විදුලිබලය පවතින තෙක් ක්‍රියාත්මක වන කාන්දම ; විද්‍යුත් චුම්බකය.
විදුලි කොටනවා
ක්‍රි. අහසේ ගිගුරුම් සමඟ ක්ෂණික විදුලි එළියක් දැල්වෙනවා.
විදුලි පණිවිඩය
නා. විදුලි කම්බි මාර්ගයෙන් යවන පණිවිඩය ; විදුලි පුවත.
විදුලි සංක්රාමය
නා. විදේශීය වශයෙන් බැංකු ගනුදෙනු කරන ක්‍රම විශේෂයක්.
විදුලිආඳා
නා. වෝල්ට් 500 ක විදුලිබලයක් පිට කළ හැකි ලොකු ම විදුලි ශක්තිය ඇති මත්ස්‍යයා.
විදුලිජනකය
නා. විදුලිබලය උපදවන උපකරණය.
විදුලිදළු
නා.ප්‍ර. අහසෙහි හටගැනෙන විදුලි ආලෝක ධාරා.