සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1525

විදුලිධාරාව

නා. කම්බි ආදිය ඔස්සේ ගලා යන විද්යුත් ධාරාව.

විදුලිපුළිඟුව

නා. විදුලි බලයෙන් ඇති වන ගිනි පුපුර.

විදුලිබලමානය

නා. විදුලිබලය මැනීමට ගැනෙන උපකරණය.

විදුලිබලය

නා. රසායනික හෝ යන්ත්‍ර බලයෙන් උපදවන විද්යුත් බලශක්තියේ ප්‍රමාණය.

විදුලිබලාගාරය

නා. විදුලිබලය නිපදවන ස්ථානය ; විදුලිබලය නිෂ්පාදන යන්ත්‍ර සවිකළ ගොඩනැගිල්ල.

විදුලිය

1. නා. ස්වාභාවික ව ඇතිවන විදුලි කෙටීම ; විද්‍යුල්ලතාව.
2. විදුලි බලාගාරයකින් කෘත්‍රිම ව උපදවනු ලබන විදුලිබල ශක්තිය ; විද්‍යුත් ශක්තිය.
3. විද්‍යුත් බලයෙන් ලැබෙන ආලෝකය.

විදුලේ

නා.ප්‍ර. විද්‍යුල්ලේබාව ; රේඛාවක් වැනි විදුලිය කෙටීම.

විදුවත්

නා.ප්‍ර. වලාකුළ ; මේඝය.

විදුවර

නා.ප්‍ර. උගත් තැනැත්තා ; පඬිවරයා.

විදුහල

නා. විද්‍යා ශාස්ත්‍ර හදාරන ස්ථානය ; පාඨශාලාව ; පාසල ; සිප්හල.

විදුහුරුව

නා. පළපුරුද්ද ; පුහුණුව.

විදූෂක

නා.ප්‍ර. සංස්කෘත නාට්‍යවල එන (කවට) චරිතයක්.

විදූෂිත

වි. අතිශයින් කිළිටි වූ ; දූෂිත වූ.

විදේශය

නා. පිටරට ; පරදේශය.

විදේශික

වි. ස්වදේශික නොවන ; පිටරටට අයත්.

විධමනය

නා. දුරු කිරීම ; පහ කිරීම ; නැසීම ; විධ්වංසනය කිරීම.

විධවා

නා. සැමියා මළ ස්ත්‍රිය ; වැන්දඹුව ; කනවැන්දුම් ස්ත්‍රිය.

විධ්වංශක

නා.ප්‍ර. නැති කරන්නා ; විනාශ කරන්නා ; ඝාතනය කරන්නා.

විධ්වංශනය

නා. නැති කිරීම ; විනාශ කිරීම ; විලෝපනය.

විධ්‍රැවකය

(පාරිභා.) නා. ප්‍රාථමික විද්‍යුත් කෝෂයක විද්‍යුත් විච්ඡේද්‍යයට එකතු කරන ද්‍රව්‍යය.

විධ්‍රැවණය

(පාරිභා.) නා. කිසියම් ද්‍රව්‍යයක ධ්‍රැවණය වැළැක්වීම හෝ ඉවත්කිරීම ; විධ්‍රැවීකරණය.

විධාතෘ

නා.ප්‍ර. මහා බ්‍රහ්මයා.

විධාන නීතිය

නා. උසාවියක ක්‍රියා මාර්ග සම්බන්ධ නීතිය.

විධානය

1. නා. අණ ; ආඥාව ; නියෝගය.
2. කටයුතු පිළිවෙල.