සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1526
විධානාතික්රමණය
[විධාන + අතික්‍රමණය]
නා. නියමය ඉක්මවීම ; පිළිවෙළ ඉක්මවීම.
විධායක
වි. විධානය ඉටු කරන ; නියෝග ක්‍රියාවට නංවන.
විධායකය
නා. ආණ්ඩුවේ නීති ක්‍රියාත්මක කරන අංශය.
විධි ක්‍රියාව
නා. (ව්‍යාක.) නියමයක් කිරීමට යෙදෙන ආඛ්‍යාත පදය.
විධි ගරුකත්වය
(පාරිභා.) නා. (දර්ශන.) අධික ලෙස නීතිගරුකවීම.
විධි නියෝගය
(නීති.) නා. ප්රතීකාරකයකු වෙත ප්‍රධානියා විසින් කරනු ලබන නීතිමය හෝ අධිකරණමය නියෝගය.
විධි ශාස්ත්‍රය
නා.තර්ක ශාස්ත්රයේ අංගයක් ; තර්කානුකූල ප්‍රස්තුතයක් සොයා ගැනීම උගන්වන ශාස්ත්‍රය.
විධිමත්
වි. පිළිවෙළකට සිදු කරන ලද ; ක්‍රමවත් ; ක්රමානුකූල.
විධිවිධාන
1. නා.ප්‍ර. අවශ්‍ය කටයුතු නියම පිළිවෙලට කිරීම.
2. ගිවිසුමක හෝ ව්‍යවස්ථාවක ඇතුළත් නියෝග ; නියම කරන ලද දේ.
විධුර
1. වි. අනන්‍ය සාධාරණ ; අතුල්‍ය ; අසමසම.
2. අසරණ ; අනාථ ; දුඃඛිත.
3. වෙන්ව පවත්නා ; වෙනස්ව තිබෙන.
5. විරහයෙන් පෙළුණු.
නා.ප්‍ර. කන හා ආශ්රිත මර්මස්ථානයක්.
විධූත
1. වි. සෙල වූ ; කම්පා කළ ; ගසා දමන ලද.
2. පහ කරන ලද ; නැසූ.
විධෙය
1. වි. කළ යුතු.
2. පහසුවෙන් හික්මවා ගත හැකි ; කීකරු.
වින
1. නා.ප්‍ර. මන්ත්‍රාදි බලයෙන් කරන උපද්‍රවය ; කොඩිවිනය.
2. ගුරුළා.
3. පක්ෂියා ; කුරුල්ලා.
විනත
වි. නැමුණු ; පහත්.
නා. ශරීරයේ හටගන්නා ගෙඩි විශේෂයක් ; ප්‍රමේහ පීඩක ; දියවැඩියා රෝගීනට වැඩිපුර සෑදෙන ගෙඩි විශේෂයක්.
විනනය
නා. හික්මීම ; දමනය කිරීම.
විනමනය
1. නා. නැමීම.
2. (සිංහයකු මෙන් කෙසරු සලා) අවදිවීම ; දිග ඇදීම.
විනමිත
වි. නැමූ ; නමන ලද ; හැරෙන ලද.
විනය
1. නා.ප්‍ර. හික්මීම ; යහපත් හැසිරීම ; නීති ගරුක බව.
2. විනය පිටකය ; භික්ෂු-භික්ෂුණීන්ගේ හැසිරීම පිළිබඳ පනවන ලද සීමා අඩංගු වන ධර්ම කොට්ඨාසය.
3. විනාශය ; උපද්‍රවය ; කරදරය.
විනය කර්මය
නා. උපසම්පදා භික්ෂූන් විසින් කරනු ලබන සීමා බන්ධන, පොහෝ කිරීම්, උපසම්පදාදි විනය ව්‍යවස්ථාවලට අනුකූල ක්‍රියා.
විනය කාර
නා.ප්‍ර. (ක්‍රිස්ති.) ආධුනිකයන්ගේ නායක තැන.
විනය ගරුකත්වය
නා. නීතියට හා ආචාර ධර්මවලට අනුව හැසිරීම ; ශිෂ්ට සම්පන්න බව ; මනා හික්මීම.
විනය ජනයා
නා.බහු. හික්මවිය යුතු ජනයා ; දමනය කළ යුතු ජනතාව.
විනය පිටකය
නා. ත්‍රිපිටකයට අයත් එක් පිටකයක් ; උභය සංඝයා අරභයා පැනවූ ශික්ෂාපද හා විනය කර්ම ඇතුළත් කොටස.