සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1527

විනයධර

1. වි. විනය පිටකය කටපාඩමින් දන්නා.
2. විනයෙහි හසළ.

විනයනය

1. නා. විනයානුකූල සංවරයක් ඇති කිරීම ; හික්මවීම ; දමනය කිරීම.
2. දුරු කිරීම ; පහ කිරීම.

විනයාලය

නා. වරද කළ අය හික්මීමෙහි පිහිටු වන ආයතනය ; චරිත ශෝධනාගාරය.

විනයිල් ක්ලෝරයිඩ්

නා.ප්‍ර. රසායනික සංයෝගයක් ; ගිනිගන්නා සුලු පුපුරන වායුවක්.

විනයු

වි. හික්මවන ලද ; දමනය කරන ලද.

විනයුම

නා. හික්මවීම ; අවවාද කිරීම.

විනයුවා

නා. ගුරුවරයා ; හික්මවන්නා.

විනවස්ති මර්මය

නා. ශරීරයේ මර්මස්ථානවලින් එකක්.

විනෂ්ට

වි. නැති වූ ; විනාශ වූ ; ව්‍යසනයට පත්.

විනෂ්ටයා

නා. විනාශ වූ පුද්ගලයා.

විනෂ්ටාවශිෂ්ට

වි. විනාශ වීමෙන් පසු ඉතිරි වූ.

විනසන

1. නා.ප්‍ර. විනාශ කරන්නා.
2. විෂ්ණු දිව්‍යරාජයා.

විනසඳ

නා.ප්‍ර. අමාත්‍යයා ; ඇමති.

විනසර

1. නා.ප්‍ර. ආචාර ශීලය.
2. විනයෙහි සාරවත් බව.

විනස්තම්භනය

නා. කොඩිවින, හූනියම් ආදිය මර්දනය කිරීම.

වින්කලය

(කථා.) නා. කම්මල ; වැඩපොළ ; වඩු කර්මාන්ත ශාලාව ; පා පැදි අලුත්වැඩියා කරන ස්ථානය.

වින්කියුලම් වරහන්

(පාරිභා.) නා.ප්‍ර. දාම වරහන්.

වින්චිය

නා. මිනිරන් හෝ පතල් හෑරීමේදී වල ඇතුලේ පස් හා ජලය උඩට ගැනීමට යොදාගන්නා යන්ත්‍රය.

වින්ඩ්ලසය

(පාරිභා.) නා. කරකවා බර ඔසවන යන්ත්‍රය.

වින්ඩ්ස්ක්‍රීනය

(පාරිභා.) නා. වාහනයක ඉදිරිපසින් වැසි සුළං ආදිය වළකන වීදුරුව.

වින්දනය

නා. විඳීම; ආස්වාදය; රස වින්දනය ; කාව්‍ය, නාට්‍ය ආදියෙන් ලබන සතුට.

වින්න

නා. ගහනය ; අරඹ ; ගොල්ල.
1. වි. දැනගත් ; ලබාගත්.
2. ස්ථිරව පිහිටි.

වින්නඹුව

නා. ගැබිණියකට දරු ප්‍රසූතිය සඳහා උපදෙස් දෙන තැනැත්තිය ; පවුල් සෞඛ්‍ය සේවිකාව.

වින්නැහිය

(කථා.) නා. විපත්තිය ; හිරිහැරය ; කරදරය.