සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1528
වින්‍යස්ත
වි. තැබූ ; පිහිටුවන ලද.
වින්‍යස්ත පීඩනය
(පාරිභා.) නා. හෘදයඵූරණයෙන් ඇති වන සම්පීඩනය.
වින්‍යාසය
1. නා. සෑදීම ; පිහිටුවීම ; තැනින් තැන විහිදවා පිළියෙල කිරීම.
2. බෙදා දැක්වීම ; විග්රහ කොට දැක්වීම.
3. අණුවක් තුළ අවකාශයෙහි පරමාණු පිහිටා ඇති ආකාරය.
විනාකිරි
නා.ප්‍ර. රා පල් කිරීමෙන් සාදාගන්නා ඇඹුල් දියර විශේෂය.
විනාඩිකාව
නා. පැයකින් 1/60ක් වන කාල ප්‍රමාණයක් ; විනාඩිය.
විනායක
1. නා.ප්‍ර. බුදුරජාණන් වහන්සේ.
2. නුවණට අධිපති ; ගණදෙවි.
වි. හික්මවන.
විනායක ග්‍රන්ථිය
නා. ප්‍රණාලය නොමැති ග්‍රන්ථි විශේෂය.
විනායක චතුර්ථිය
නා. නිකිණි මස (ජූලි) පුර පක්ෂයේ ගණපති පිදීම සඳහා වෙන් වූ දිනය.
විනායෝගය
නා. (ව්‍යාක.) 1. ‘විනා’ යන නිපාත පදයේ යෙදීම.
2. ඒ නිපාතය ආශ්රිත ප්‍රයෝග.
විනාශක
වි. විනාශ කරන ; වනසන.
විනාශකර
වි. විනාශය ගෙන දෙන.
විනාශභාක්
වි. විනාශය භජනය කරන ; විනාශයට පත්.
විනාශමුඛ
වි. විනාශයට එළඹ සිටි ; විනාශයට යන.
විනාශය
නා. වැනසීම ; නැසීම.
විනාශිකා
වි. නැසෙන සුලු ; වැනසෙන ගතිය ඇති.
විනැණ
නා.ප්‍ර. විඥානය ; නුවණ.
විනි
1. නා.ප්‍ර. ගස්වැල්වලින් වට වූ ප්‍රදේශය ; ලැහැබ ; වනය.
2. ත්රිකූට පර්වතය.
විනිගමනය
නා. විශේෂයෙන් හැඟෙන අදහස ; විශේෂ තීරණය.
විනිච්චය
නා. තීරණය ; විනිශ්චය.
විනිච්ඡය කාරක
නා.ප්‍ර. විනිශ්චයකාරයා ; විසඳුම්කරුවා.
විනිච්ඡයට්ඨානය
නා. නඩු අසන තැන ; යුක්තිය පසිඳන තැන.
විනිදු
1. නා.ප්‍ර. මීයා.
2. සංගීතඥයා.
වි. පිපුණු.
විනිනඹුව
නා. දරු ප්‍රසූතියේ දී මවකට සහාය වන තැනැත්තිය; වින්නඹු මාතාව.
විනිපත්ර
වි. (මලක) උප මණිපත්‍ර නැති ; පත්රයන්ගෙන් මිදුණු.