සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1529

විනිපාත

1. නා.ප්‍ර. පව්කම් කළවුන් වැටෙන ප්‍රේත අපායක්.
2. වැරැදි තැනකට හෙළීම හෝ දීම.

විනිපාතික අසුර

නා.ප්‍ර. වරක දුක ද, වරක සැප ද විඳිමින් විමානවල වසන ප්‍රේත කොට්ඨාසය ; විනිපාතික අපායෙහි වෙසෙන අසුර කොටස.

විනිමය

නා.ප්‍ර. රටවල් අතර හුවමාරු වන ගනුදෙනු ක්‍රමය ; රටවල් අතර ද්‍රව්‍ය හෝ මුදල් හුවමාරුව.

විනිමය අගය

නා. විවිධ රටවලට අයත් මුදල් හුවමාරු කිරීමෙන් ලැබිය හැකි අඩු හෝ වැඩි වටිනාකම.

විනිමය අනුපාතය

නා. භාණ්ඩයකට මුදලක් හෝ මුදල් පද්ධතියක ඒකකයකට තවත් මුදල් පද්ධති හෝ ඒකකයක හුවමාරු කිරීමේ අන්‍යෝන්‍ය ප්‍රමාණය.

විනිමය ගිණුම

(පාරිභා.) නා. විදේශ මුදල් ගණන් හිලවු පිළිබඳ ගණන් තැබීමේ ක්‍රමය.

විනිමය නියමය

(පාරිභා.) නා. අන්‍යෝන්‍ය වශයෙන් කෙරෙන කවර හෝ හුවමාරු පිළිබඳ සිද්ධාන්තය ; නීතිය.

විනිමය බැංකුව

(පාරිභා.) නා. මූල්‍ය ක්‍රමයක ඒකක මෙන් මූල්‍ය ක්‍රමයක ඒකකවලට හුවමාරු කිරීමෙහි යෙදෙන ආයතනය.

විනිමය බිල්පත

(පාරිභා.) නා. විනිමය පිළිබඳව ඇප පිට වෙළඳපොළට මුදල් ණයට දෙන ලේඛනය.

විනිමය මාධ්‍යය

(පාරිභා.) නා. විනිමය පැවැත්වෙන ක්‍රමය ; හුවමාරුවේ උපක්‍රම මාර්ගය.

විනිමය සමකය

(පාරිභා.) නා. මුදල් හුවමාරු සඳහා පරිමාණ කොට සම්මතයෙන් ගනු ලබන පොදු දෙය.

විනිර්ගත

වි. පිටතට නික්මුණු ; බැහැරට ගියා වූ.

විනිර්ගමනය

නා. පැතිරීම ; පැතිරී යෑම.

විනිර්භෝගය

නා. වෙන් කිරීම.

විනිර්මුක්ත

1. වි. සම්පූර්ණයෙන් මිදුණු.
2. තොර වූ ; සම්බන්ධයක් නැති.

විනිර්මුක්තය

නා. මුළුමනින් වෙන්වූව.

විනිර්විද්ධ

වි. ඇතුළට ඇනීමෙන් සිදුරු වූ ; සිදුරු කරන ලද.

විනිර්වේධන

නා.ප්‍ර. උල්, කටු ආදියෙන් සිදුරු කිරීම.

විනිවර්තනය

නා. නැවැත්ම.

විනිවිදිනවා

1. ක්‍රි. පසා කරගෙන යනවා.
2. මැනවින් පැහැදිලි වෙනවා ; මනා සේ දකිනවා.
3. නැති කරනවා ; දුරු කරනවා.

විනිශ්චය

1. නා. විග්‍රහය ; සවිස්තර විභාගය.
2. තීරණය ; නිගමනය.- නඩුවක තීරණය ; තීන්දුව.

විනිශ්චය කරනවා

1. ක්‍රි. සෝදිසි කර බලනවා ; සොයා බලනවා.
2. තීරණය කරනවා ; නිගමනය කරනවා.

විනිශ්චය සභාව

නා. අධිකරණයට අදාළ ප්‍රශ්න විමසා බලා තීරණයක් දෙන මණ්ඩලය.

විනිශ්චයකාරයා

1. නා. තරග ආදියේදී ජය පරාජය තීන්දු කරන තැනැත්තා.
2. නඩුවකදී තීන්දු ගැනීමට අධිරණ බලය ලත් නිලධාරියා ; නඩුකාරයා ; විනිසුරුවරයා.