සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1530
විනිස
1. නා.ප්ර. තීරණය ; නිගමනය.
2. සැක රහිත බව ; නිසැක තත්ත්වය.
විනිසනවා
ක්රි. විමසනවා ; සොයා බලනවා.
විනී
1. නා.ප්ර. අතු ගංගා එක් වූ තැන.
2. ත්රිකූට පර්වතය.
විනීත
වි. හික්මුණු ; යහපත් ; ශිෂ්ට.
විනීතාචාර
වි. විනීත ගති පැවතුම් ඇති.
විනීලකය
1. නා. නිල්පැහැ වූ මළ සිරුර.
2. දශ අශුභවලින් එකක්.
විනෙජන
නා.ප්ර. හික්මවිය යුතු ජනයා ; විනේය ජනයා.
විනෙය
වි. විනය කටයුතු ; හික්මවිය හැකි ; ධර්මාවබෝධයට වාසනා ඇති.
විනෝද
1. වි. සතුටු වූ ; ප්රීති වූ ; සන්තෝෂයෙන් යුතු.
2. දුරු කරන ; නැති කරන.
විනෝද මණ්ඩපය
නා. ප්රීති උත්සව සඳහා වූ මණ්ඩපය.
විනෝද යාත්රා
නා.ප්ර. විනෝදය සඳහා ගමන් යාම.
විනෝදක
වි. දුරු කරන ; නැති කරන.
විනෝදකාමී
වි. ප්රීති වීමට රුචි ; විනෝදයට කැමති.
විනෝදනය
නා. පහ කිරීම ; දුරු කිරීම.
විනෝදය
1. නා. ප්රීතිය ; සතුට ; රස වින්දනය.
2. (ශෝකය) නැති කිරීම ; දුරු කිරීම ; පහ කිරීම.
විනෝදාගාරය
නා. විනෝදවීම සඳහා ඇති ස්ථානය ; විනෝද වන ශාලාව.
විනෝදාත්මක
වි. විනෝදයට මුල් තැන දුන්.
විනෝදාස්වාදය
නා. ප්රීති වීම ; සතුටින් ලබන වින්දනය ; විනෝදයෙන් ලබන වින්දනය.
විඳගන්නවා
ක්රි. දුක සැප ආදිය භුක්ති විඳිනවා ; දරා ගන්නවා.
විඳටි
[විඳ + අටි]
වි. විඳිනු කැමැත්ත ඇති.
විඳිනවා
1. ක්රි. (දුක, සැප ආදිය) භුක්ති විඳිනවා.
2. රසවින්දනය කරනවා.
විපක්ෂ
වි. විරුද්ධ වූ ; තම පක්ෂයට අයත් නොවූ.
විපක්ෂය
1. නා. විරුද්ධ පක්ෂය ; විරුද්ධ අදහස් දරන පිරිස.
විපත
නා. විපත්තිය ; පැවැත්මෙහි, ජීවිතයෙහි කෙළවර ; විනාශය.