සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1549
විවර්තනිය
(පාරිභා.) නා. කිසිවක කැරකීමට හෝ භ්‍රමණයට ධරයක් වසයෙන් සිටින කෙටි දණ්ඩ හෙවත් සියුම් තුඩ.
විවර්තනී සන්ධිය
(පාරිභා.) නා. විවර්තනියක් ලෙස භ්‍රමණය වීමට උපකාර වන සන්ධිය.
විවර්තිත
(පාරිභා.) වි. පෙරළී ගිය ; කැරකී ගිය ; ඇඹරුණු ; අංග විකල.
විවර්තිනි ඇණය
(පාරිභා.) නා. කැරකීමට හෝ භ්‍රමණය වීමට උපකාර වන තුඩ හෝ කුඩිම්බිය.
විවර්තීකරණය
නා. විසිරී යෑම ; පැතිරී යෑම.
විවර්ධනය
(පාරිභා.) නා. වැඩිදියුණු කිරීම ; විශාල කිරීම.
විවර්ෂණය
(පාරිභා.) නා. පහර දීම ; බැට දීම.
විවරාංගය
නා. පුරුෂලිංගය.
විවරාකර්ෂණය
නා. විවර තුළින් ජලය ආදිය ඉහළට ඇදී ඒම.
විවරාකාශය
නා. එළිමහන් අහස ; විවෘත ආකාශය ; බාධාවකින් තොර සම්පූර්ණයෙන් පැහැදිලි ආකාශය.
විවරාවිවර
1. වි. ඇරුණු සහ වැසුණු.
2. සිදුරු සහිත සහ සිදුරු රහිත.
විවලිය
1. නා. හිල් කිරීම ; සිදුරු කිරීම ; විදීම.
2. (පාරිභා.) පෘෂ්ඨවංශීන්ගේ අනුජංඝාස්ථියට සම්බන්ධ පේශියක්.
විවස
නා. විස්තරය ; විවරණය.
1. වි. ඉවසිලි නැති වූ ; හදිසි වූ ; ඉක්මන් වූ.
2. අවුල් වූ ; ව්‍යාකූල වූ.
විවසනවා
1. ක්‍රි. විපාක දෙනවා ; පල දෙනවා.
2. විදසුන වඩනවා.
විවස්වත්
1. නා.ප්‍ර. පැරැණි ජන සම්මත රජ කෙනෙක්.
2. හිරු ; සූර්යයා.
විවසුන්
නා.ප්‍ර. ලෝකය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලෙස අවබෝධ කිරීම ; විදර්ශනාව ; විදසුන්.
විවහ
නා.ප්‍ර. පඩිසන් දීම ; පල දීම.
විවහාර
නා.ප්‍ර. භාවිතය ; පාවිච්චිය.
විවා
1. නා.ප්‍ර. විපාකය ; ප්‍රතිඵලය.
2. සරණ බන්ධනය ; විවාහය.
විවා අයිතිය
නා. විවාහය නිසා ලැබෙන හිමිකම.
විවා ගැනුම
නා. සරණ බන්ධනය.
විවා නැකත්
නා.ප්‍ර. සරණ බන්ධන සඳහා සුදුසු නැකත්.
විවා මඟුල
නා. විවාහ උත්සවය.
විවාදමූල ධර්ම
නා.ප්‍ර. විවාදයට මුල් වන කරුණු.