සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1548
විවජ්ජිත
වි. අත්හැර දැමූ ; දුරු කළා වූ ; පහ කළා වූ.
විවට
1. නා.ප්ර. සසරට විරුද්ධ වූව ; නිවන.
2. භික්ෂූන්ගේ සිවුරෙහි මැද කොටස.
3. ඇරීම ; විවෘත කිරීම.
1. වි. නොවැසූ ; විවෘත ; ආරක්ෂා නොකළ.
2. නිදහසේ කළ හැකි ; නීතිරීති වලින් බැඳි නැති.
විවට ගැමිණි ඤණ
නා.ප්ර. නිවන කරා යොමු වූ නුවණ ; නිර්වාණ ගාමිණී ඤාණය.
විවට්ට
1. වි. නිවනට හේතු වන ; නිවනට යොමු කරන.
2. වෙනස් වන ; පෙරළෙන.
විවට්ටක පාදක
වි. නිවන් ලැබීමට උපකාරවන හෝ පදනම් වන.
විවට්ටසාගරය
නා. කල්ප විනාශයෙහි ලෝක ධාතුව (කෙළ ලක්ෂයක් සක්වළ) පුරා පැතිරී පවත්නා ජලකඳ.
විවටාඞ්ගණය
නා. ආවරණය නොකළ මිදුල ; එළිමහන් ප්රදේශය.
විවණ
වි. පාට වෙනස් වූ ; දුර්වර්ණ වූ.
විවණ්ණකය
නා. අගුණ කීම ; ගැරහීම.
විවත්
1. නා.ප්ර. (මල් පෙති ආදිය මෙන්) විවෘත වීම ; විදාරණය ; ප්රසාරණය.
2. විවෘතව උච්චාරණය වීම ; සංවෘත නොවීම.
විවර
වි. විවෘත ; අරින ලද ; ඇරුණු.
විවර කරනවා
ක්රි. අරිනවා ; විවෘත කරනවා.
විවරගත
වි. පැල්මක පිහිටි ; (පොළොවෙහි) පැලීමක් හා සම්බන්ධ වූ.
විවරණ කරනවා
1. ක්රි. යමක් පෙනෙන්නට සලසනවා.
2. (අර්ථ ආදිය) පැහැදිලි කරනවා ; විස්තර කරනවා.
විවරණ දෙනවා
ක්රි. බුදු බව පතන බෝසත් උතුමකු අනාගතයෙහි බුදු බව ලබන බුදුවරයකු විසින් ස්ථිරව ප්රකට කර සිටිනවා ; ලොව්තුරා බුදු කෙනකු විසින් බෝසතකු හට බුදු වන බවට අනාවැකියක් පළ කරනවා.
විවරණය
1. නා. ඇරීම ; පෙනෙන්නට සැලැස්වීම ; විවෘත කිරීම.
2. විස්තර කොට කීම ; තේරුම් කිරීම.
3. මෙනම් දෙයක් අනාගතයේදී සිදු වේ යැයි ප්රකාශ කිරීම.
විවරණීය
(පාරිභා.) වි. පැහැදිලි කළ යුතු ; පහදා දිය යුතු.
විවරණෝපයෝගී
(පාරිභා.) වි. (තමා විසින්ම) විවරණය කර ගැනීමට තුඩු දෙන.
විවරය
1. නා. හිල ; සිදුර ; හිදැස.
2. ඇරුණු ස්ථානය ; දොරටුව ; පළුද්ද.
විවර්තකල්පය
නා. සිවුවැදෑරුම් මහා කල්පයන්ගෙන් එකක් ; සම්පත්ති මහා මේඝයේ පටන් හිර සඳ ලොව පහළවීම දක්වා ලෝකය වැඩෙමින් සිටින කාලය.
විවර්තන ආවරණය
(පාරිභා.) නා. සෙවණැල්ලෙන් ඉවත ආලෝකය විසිරීමේ ප්රතිඵලය.
විවර්තන තරලය
(පාරිභා.) නා. විවර්තනයක් මත කැරකීමට උපකාර වන තරලය.
විවර්තන වාටිය
(පාරිභා.) නා. සෙවණැලෙන් ඔබ්බට ආලෝකය විසිරෙන සීමා ඉර.
විවර්තනය
1. නා. වෙනස් වීම ; සසල වීම.
2. (පාරිභා.) සෙවණැල්ලෙන් ඔබ්බට ආලෝකය විසිරීම.