සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1557
විෂම කූපතට
නා.ප්ර. වළගොඩැලි සහිත ළිං ඉවුර.
විෂම ගිර
නා.ප්ර. ඉතා උස් වූ පර්වතය ; පර්වත කූටය.
විෂම ගුණකය
(පාරිභා.) නා. ලාක්ෂණික සංඛ්යාවට වැඩියෙන් පිහිටි වර්ණ දේහය.
විෂම චක්රය
නා. (අසමාන වූ රෝදය යනු වාච්යාර්ථයි) වළල්ලක් මෙන් එකිනෙක සම්බන්ධ වූ අසමාන දෙය.
විෂම චර්යා
නා.ප්ර. වෙනස් වූ ස්වභාවය ; අසමාන හැසිරීම.
විෂම ජනන
වි. වෙනස් වෙනස් සෛලවලින් හටගන්නා වූ ; විෂම විකසන.
විෂම ජන්මාණුක
(පාරිභා.) වි. ජන්මාණු වර්ග එකකට වැඩියෙන් සෑදුණු.
විෂම ජන්මාණුකතාව
(පාරිභා.) නා. ජන්මාණු වර්ග එකකට වැඩියෙන් සෑදීම.
විෂම ත්රිකෝණය
නා. අසමාන වූ පාද තුනකින් යුත් ත්රිකෝණය.
විෂම දිව්
නා.ප්ර. සම නොවූ දිව ; වෙනස්කම් ඇති දිව.
විෂම දෘෂ්ටිකතාව
නා. ඇසෙහි වර්තන පෘෂ්ඨයේ අක්රමික වක්රතාව හේතුවෙන් දෘෂ්ටිවිතානයේ පොදු ස්ථානයක ආලෝකය නාභිගත නොවීම.
විෂම පක්ෂ්මීය
(පාරිභා.) වි. පක්ෂ්ම හෝ කෂිකා දෙවර්ගයක් හෝ වැඩි ගණනක් තිබෙන.
විෂම පත්රතාව
නා. එකම ශාකයේ වෙනස් කලාපවල වෙනස් හැඩ ඇති පත්ර ඇතිවීම.
විෂම පරිපුෂ්ප
නා.ප්ර. පුෂ්ප පත්ර ශ්රේණි දෙක අසමානව තිබෙන පුෂ්ප.
විෂම පාදය
නා. පද්යයක අසමාන වූ පාදය ; පද්යයක ප්රථම හා තෘතීය පාද.
විෂම පුරුෂයා
නා. දරුණු පුරුෂයා ; භයානක ස්වභාවයෙන් යුත් තැනැත්තා.
විෂම පෝෂකයා
නා. තමාටම ආහාර ද්රව්ය සපයාගත නොහැකි සත්ත්වයා.
විෂම බීජාණුතාව
(පාරිභා.) නා. අලිංගිකව සෑදෙන බීජාණුවර්ග කීපයක් තිබීම.
විෂමකීලතාව
නා. කීලයෙහි දිග ප්රමාණය වෙනස් වනසුලු මල් තිබීම ; කෘමීන් මාර්ගයෙන් පරාගණය සැලැස්වීමට සකස්වුණ එක්තරා සරල එහෙත් විශේෂ පිළිවෙළක්.
විෂමගුණ
(පාරිභා.) වි. ලාක්ෂණික සංඛ්යාවට අමතරව වර්ණ දේහයක් ඇති.
විෂමගෘහී
(පාරිභා.) වි. ජීවන චක්රයෙන් කොටසක් එක ධාරකයකු මත ද අනෙක් කොටස වෙනත් ධාරකයකු මත ද ගත කරන පරපෝෂිතයන් පිළිබඳ වූ.
විෂමජාතීය
වි. වෙනස් වර්ග වලින් යුක්ත කොටස්වලින් සෑදුණු ; කලාප එකකට වැඩියෙන් තිබෙන පද්ධතියක් පිළිබඳව වූ.
විෂමතල
වි. විෂම වූ පොළෝ තලය ඇති.
විෂමතලසතාව
නා. ඇතැම් දිලීරවල මෙන් භෞතවේදීව වෙනස් වූ සූත්රිකා දෙවර්ගයක් තිබීම.