සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1556
විෂ සුරා
නා.ප්‍ර. විෂ මිශ්‍ර මත්පැන්.
විෂ හනුව
(පාරිභා.) නා. ඇතැම් සත්ත්වයින්ගේ විෂ සහිත හක්ක.
විෂකර
වි. විෂ සහිත ; විෂ ඇති ; විෂ ඇති කරන.
විෂකලාව
නා. තිථිය අනුව පවත්වන මිනිස් සිරුරේ ඇති ධාතු අතරින් එකක්.
විෂගර
නා.ප්‍ර. ඝෝර විෂ සහිත වීම.
විෂඝෝර
වි. භයානක වූ විෂ ඇති.
විෂණ්ණ
වි. ශෝකී ; මලානික.
විෂණ්ණ මුඛ
වි. ශෝකී මුහුණකින් යුතු ; දුක්බර මුවක් සහිත.
විෂදිග්ධ
වි. විෂ මිශ්‍ර කළ ; විෂ පොවන ලද.
විෂධර
වි. විෂ දරන ; විෂ ඇත්තා වූ.
විෂධූමය
නා. විෂ සහිත දුම ; සර්පයකු පිට කරන විෂ සහිත වායුව.
විෂනාශක
වි. විෂ නසන ; විෂ විනාශ කරන.
විෂනාශනය
නා. විෂ නැති කිරීම ; විෂ නැසීම.
විෂපැළැල්ල
නා. සතුරන් ඒම වැළැක්වීම සඳහා සකස් කරනු විෂ යෙදූ පැළැල්ල.
විෂබීජ මර්දක
වි. විෂබීජ මර්දනය කරන.
විෂබීජනාශක
වි. රෝග ඇති කරන ක්ෂුද්රජීවීන් නැති කරන ; විෂබීජ නසන.
නා.ප්‍ර. රෝග බීජ නැති කර දමන දෙය ; රෝග ඇති කරන ක්ෂුද්රජීවීන් විනාශ කරන දෙය.
විෂබීජය
නා. රෝග ඇති කරන ක්ෂුද්‍ර ජීවාණුව ; රෝග බීජය.
විෂබීජාවිෂ්ට
(පාරිභා.) වි. විෂබීජ ඇතුළුවීම නිසා (ශරීරයේ ස්ථාන) පැසවූ ; කුණු වූ.
විෂබීජාවේශය
(පාරිභා.) නා. විෂබීජ ඇතුළුවීම නිසා ශරීරය පැසවීම ; කුණුවීම.
විෂභාගාරම්මණය
නා. නොමනා අරමුණ ; රාගාදි කෙලෙස් වැඩීමට හේතු වන අරමුණ.
විෂම
1. වි. සම නොවූ ; අසමාන.
2. නපුරු ; දරුණු.
3. අක්‍රමවත් ; නියමාකාරයෙන් වෙනස්.
විෂම ඇටය
(පාරිභා.) නා. අක්‍රමවත්ව පිහිටි ඇටය.
විෂම කර්මය
නා. වැරදි ක්‍රියාව; අයෝග්‍ය වෘත්තිය.
විෂම කාලිකතාව
නා. සාමාන්‍ය කාල නියමවලට වෙනස්ව විකසනය වීම.