සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1555

විශේෂක

වි. විශේෂත්වයක් ඇති.

විශේෂඥයා

නා. යමක් පිළිබඳ විශිෂ්ට දැනුමක් ඇති පුද්ගලයා.

විශේෂණ සමාසය

නා. විශේෂණ පදයක්, විශේෂ්‍ය පදයක් හා සම්බන්ධ වී සෑදෙන සමාසය.

විශේෂණය

නා. වර්ණනා කරන පදය.

විශේෂභාග්

වි. විශේෂත්වයක් ඇති ; විශේෂයෙන් භජනය කරන.

විශේෂය

1. නා. අනෙක් ඒවායින් කැපී පෙනෙන ලක්ෂණය.
2. විශේෂ ලක්ෂණ ඇති කොටස; වෙනස් ලකුණින් යුත් ගණය.

විශේෂ්‍යය

නා. විශේෂණයකින් වර්ණනා කරනු ලබන පදය.

විශේෂිත

වි. විශේෂයෙන් දක්වන ලද.

විශේෂෝක්තිය

නා. කාව්‍යාලංකාරයක්.

විශෝක

වි. ශෝක නැති ; පහ කළ ශෝක ඇති.

විශෝධනය

නා. පිරිසිදු කිරීම; ශුද්ධ කිරීම.

විශෝෂණ

නා.ප්‍ර. වේළීම ; වියළීම.

විෂ

නා.ප්‍ර. ශරීරගත වීමෙන් ජීවිතයට හානි සිදු කරන හෝ මරණය පවා ගෙන දෙන හෝ ද්‍රව්‍ය විශේෂයක්.

විෂ ග්‍රන්ථිය

නා. විෂ ද්‍රව්‍ය ස්‍රාවය කරන ග්‍රන්ථිය.

විෂ ඝටිකාව

නා. විෂ හෝරාව ; විෂ වේලාව.

විෂ ප්‍රශමනය

නා. විෂ නැති කිරීම ; විෂ නැසීම.

විෂ බන්ධනය

නා. සර්පයකු දෂ්ට කළ විට, එහි විෂ බැස්සවීමට ඉඩ නොදී මන්ත්‍ර ගුරුකම් මගින් විෂ අල්ලා සිටීමට සැලැස්වීම.

විෂ බස්සනවා

ක්‍රි. විෂ ඉවත් කරනවා ; විෂ අහක් කරනවා ; විෂ ඛානවා.

විෂ මධු

නා.ප්‍ර. විෂ සහිත පැණි; විෂ ගෙන දෙන ගෙඩි වර්ගවල පැණි.

විෂ වික්‍රය

නා.ප්‍ර. නපුරු වෙළඳාම්වලින් එකක් ; විෂ වෙළඳාම.

විෂ විද්‍යාව

නා. විෂ බැස්වීම පිළිබඳ ශාස්ත්‍රය ; සර්ප විෂ පිළිබඳ ශාස්ත්‍රය.

විෂ වේගය

නා. විෂ පැතිරීමේ ඉක්මන ; විෂ ශරීරගතවීමේ බලය.

විෂ වෛද්‍ය

නා.ප්‍ර. විෂ නැසීමට පිළියම් කරන වෛද්‍යවරයා.