සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1554
විශ්‍රම්භය
නා. විශ්වාසය ; හිතවත්කම ; අනුගත බව.
විශ්‍රාන්තය
නා. නිවාඩු ගැනීම ; වෙහෙස සන්සිඳු වීම.
විශ්‍රාම වැටුප
නා. විශ්‍රාමිකයන්ට ගෙවනු ලබන වේතනය.
විශ්‍රාම ශාලාව
නා. විවේක ගන්නවුන් සඳහා වෙන් වූ ශාලාව ; ගිමන්හල.
විශ්‍රාමය
1. නා. වෙහෙස දුරු කිරීම ; විවේකය.
2. යම්කිසි කාර්යයක අවසානය.
3. නැවැත්ම ; විරාමය ; යතිය.
විශ්රාවය
නා. ක්‍රමයෙන් අඩු වීම ; හීන වීම.
විශ්‍රැත
වි. ප්‍රසිද්ධ ; ප්‍රකට.
විශාඛ
නා.ප්‍ර. සත්විසි නැකත් අතර සොළොස් වැනි නැකත ; විසා නැකත.
විශාරද
1. වි. ප්‍රඥාවන්ත ; ශ්‍රේෂ්ඨ ; බුද්ධිමත් ; උදාර.
2. දක්ෂ ; සමර්ථ.
3. බය නැති ; නිර්භීත
විශාරදයා
නා. අතිශය දැනුම් ඇති පුද්ගලයා ; දක්ෂයා ; සමර්ථයා.
විශාල
වි. ප්‍රමාණයෙන් මහත් ; පැතිර තිබෙන.
නා.ප්‍ර. සංගීතයෙහි එන තාල ප්‍රභේදයක්.
විශාලක
වි. කුඩා දෙය ලොකු කර පෙන්වන.
විශාලා
නා.ප්‍ර. දඹදිව පිහිටි පැරණි නගරයක නාමය.
විශිඛා
නා.ප්‍ර. මාර්ගය ; වීථිය.
විශිෂ්ට
1. වි. වෙනස් කළ ; විශේෂයක් ඇති.
2. උතුම්; ශ්‍රේෂ්ඨ.
3. නිශ්චිත; නියත.
විශිෂ්ට ගුරුත්වය
නා. සම්මතය ලෙස තෝරාගත් ද්‍රව්‍යයක ඝනත්වයට වෙනත් ද්‍රව්‍යයක ඝනත්වය දක්වන අනුපාතය.
විශිෂ්ට තාපය
නා. යම් ද්‍රව්‍යයක ග්‍රෑම් එකක ස්කන්ධයක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් එකකින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය ජලය ග්‍රෑම් එකක් උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 10 කින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණයට දරන අනුපාතය.
විශිෂ්ටාර්ථය
නා. උතුම් වූ අදහස ; ශ්‍රේෂ්ඨ අර්ථය.
විශීර්ණ
වි. විහිදුණා වූ ; විසිරුණා වූ.
විශුද්ධ
වි. ඉතා පිරිසිදු ; නිර්මල.
විශුද්ධි
වි. ඉතා පිරිසිදු ; නිර්මල.
වි. අතිශයින් පිරිසිදු වූ.
නා.ප්‍ර. කෙලෙස් දුරු කිරීමට ඉවහල් වන සීල සමාධි ආදි ගුණ.
විශුද්ධි දෙවි
නා.ප්‍ර. කෙලෙස් දුරු කිරීමෙන් පාරිශුද්ධත්වයට පැමිණි බුදු, පසේබුදු, මහරහත් උතුමෝ ; විශුද්ධි දේවතාවෝ.
විශුද්ධි මාර්ගය
1. නා. කෙලෙසුන් කෙරෙන් අතිශයින් පිරිසිදු වීමේ මාර්ගය ; නිවනට මඟ.
2. බුද්ධඝෝෂ ආචාර්යවරයා විසින් ත්‍රිපිටකය අළලා සම්පාදිත එනම් ග්‍රන්ථය.
විශුද්ධිය
නා. කෙලෙසුන්ගෙන් මිදීම.
විශූක
වි. විහිළු ; කෝලම් ; නාඩගම්.