සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1558
විෂමතා
වි. වෙනස්කම්වලින් යුතු ; අසමානකම් ඇති.
නා.ප්‍ර. වෙනස්කම ; අසමානකම.
විෂමතා තලය
(පාරිභා.) නා. ක්‍රමවත්ව නොපිහිටි සමතලය.
විෂමදන්තී
වි. වෙනස් කාර්යවලට අනුවර්තනය වූ වෙනස් දත් තිබෙන ; එකම ආකාරයක නොවන දත් ඇති.
විෂමපෝෂී
වි. සරල ද්‍රව්‍යවලින් ආහාර තනාගැනීමට නොහැකි නිසා, සප්රාණික හෝ අප්‍රාණික ද්‍රව්‍යවලින් කාබන් ලබාගන්නා වූ.
නා.ප්‍ර. තමාට ආහාර ද්‍රව්‍ය සපයාගැනීමට නොහැකි සත්ත්වයා ; ශාක මත හෝ අන් සතුන්ගේ මාර්ගයෙන් යැපෙන සත්ත්වයා.
විෂමභාගය
නා. එකට වඩා අඩු නොවන භාගය ; ලවය හරයට වඩා ලොකු භාග සංඛ්‍යාව.
විෂමයුග්මකය
නා. ජනකයන් දෙදෙනාගෙන් අසමාන ජාන ලැබෙන ශාකයක් හෝ සත්ත්වයෙක්.
විෂමයෝගී
වි. ප්රමුඛ හා නිලීන යන ලක්ෂණ දෙකම ඇති.
විෂමරාශිය
නා. (ජ්‍යෝති.) රාශි දොළහෙන් දෙකෙන් නොබෙදෙන රාශිය.
විෂමරූප
නා.ප්‍ර. අසමාන රූපය ; සමානකමක් නොමැති හැඩය.
වි. ප්‍රමාණයෙන් හෝ හැඩයෙන් හෝ දෙකෙන් ම හෝ වෙනස් වන වර්ණදේහ යුගල පිළිබඳ වූ.
විෂමලග්න
(පාරිභා.) වි. අනෙක් ගණයකින් හෝ විශේෂයකින් හෝ පටක බද්ධ කළ.
විෂමලම්බකාෂ්ක
(පාරිභා.) වි. එකිනෙකට සෘජුකෝණික වූ විවිධ දිගින් යුක්ත ස්ඵටික අක්ෂ තුනක් තිබෙන.
විෂමලෝභය
නා. අනුන්ගේ දෙයට කරන ආශාව ; බලවත් ව උපදනා ලෝභය.
විෂමවිකසන
(පාරිභා.) වි. පරම්පරා ප්‍රත්‍යාවර්තනය පෙන්වන ; වෙනස් ශෛලවලින් ලැබෙන.
විෂමස්ථානය
1. නා. සම නොවූ තැන.
2. උවදුරු සහිත තැන.
විෂමාකාර
(පාරිභා.) වි. අක්‍රමවත් ; පිළිවෙළක් නැති.
විෂමාචාරය
නා. වැරදි ක්‍රියාව ; වැරදි හැසිරීම.
විෂමාධ්යාශය
නා.ප්‍ර. නපුරු අදහස.
විෂමාශනය
නා. විෂම ආහාරය ; අවේලාවෙහි බොහෝ හෝ ස්වල්පයක් හෝ අනුභව කිරීම.
විෂමාහාර
1. නා.ප්‍ර. නියමිත ආහාර වේලාවෙන් පසු ආහාර ගැනීම.
2. විරුද්ධ ආහාරය.
විෂමූර්ජාව
නා. සර්ප විෂ ආදිය නිසා සිහි නැති වීම ; විසෙන් මුසපත් වීම.
විෂය
1. නා.ප්‍ර. ගෝචර වන දෙය ; අරමුණු වූ දෙය.
2. දැනීම ලබන ක්ෂේත්රය ; උගත යුතු කාරණාව.
3. කර්මය.
4. පැතිර පවත්නා ප්‍රදේශය ; ප්‍රමාණය ; සීමාව.
5. මාතෘකාව.
විෂයක්ෂේත්රය
1. නා. බුද්ධි ඥානයට ගෝචර වන අනන්තාප්‍රමාණ චක්‍රවාටය.
2. විෂයට ගෝචර වන ස්ථානය.
විෂයචක්ර
නා.ප්‍ර. ගෝචර වන ප්‍රදේශය.
විෂයඥානය
නා. හදාරන කාරණය පිළිබඳ අවබෝධය ; විෂය දැනුම.