සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1559

විෂයනිශ්‍රිත

වි. විෂය හා සම්බන්ධ.

විෂයපථය

නා. උගන්නා කාරණයට අදාළ මාර්ගය.

විෂයප්‍රමාණය

නා. අදාළ කරුණට ඇති ඉඩකඩ ප්‍රමාණය.

විෂයමාලාව

නා. ඉගෙනීම් පරිපාටිය ; අධ්‍යාපනයේදී සකස් කර ඇති පාඩම් මාලාව ; විෂය සමූහය.

විෂයරූපය

නා. අරමුණු වන රූපය.

විෂයලෝකය

නා. රූප ශබ්දාදී පඤ්චකාමයන්ගෙන් යුත් ලෝකය.

විෂයවස්තුව

නා. යම් දෙයක් සඳහා උපයෝගී කරගන්නා දෙය.

විෂයවිෂයීභාවය

නා. (ව්‍යාක.) කර්තෘ පදයේ හා එයට යටත් වන කර්මයෙහි සම්බන්ධතාව.

විෂයසුව

නා.ප්‍ර. කාම සම්පත්තිය ; ස්ත්‍රී සම්භෝගය.

විෂයාතික්‍රමණ

වි. විෂය ඉක්ම වූ ; සීමාව පසු කළ.

විෂයාතික්‍රාන්ත

වි. විෂය ඉක්මවූ ; වර්ණනා උපමා ආදියට ගෝචර වූ ප්‍රමාණයට වඩා ; අතිශයෝක්ති.

විෂයාන්තර

නා.ප්‍ර. විවිධ විෂය ඇතුළත්වීම.

විෂයානුභවය

නා. පංචකාම විඳීම. සම්පත් අනුභවය ; පස්කම් සැප විඳීම.

විෂයාලම්බන

නා.ප්‍ර. පස්කම් සැපයෙහි ඇලීම ; පංචකාමයෙහි ඇලීම.

විෂයාවබෝධය

[විෂය + අවබෝධය]
නා. විෂය පිළිබඳ දැනීම.

විෂයාසක්ත

[විෂය + ආසක්ත]
වි. පස්කම් සැපයෙහි ඇලුණු ; පංචකාමයෙහි ගිජු.

විෂයාස්වාදය

[විෂය + ආස්වාදය]
නා. රූපාදි පංචකාම විෂයෙහි උපදනා සුඛ වේදනාව.

විෂවාත

නා.ප්‍ර. විෂ සහිත වාතය.

විෂශර

නා.ප්‍ර. විෂ පෙවූ ඊය.

විෂස්න

වි. විෂ මරන ; විෂ නැති කරන.

විෂහරණය

1. නා. විෂ නැති කිරීම ; මන්ත්‍රාදි බලයෙන් විෂ නැති කිරීම හෝ බැස්වීම.
2. සූසැට කලාවලින් එකක නාමය.

විෂ්කම්භණ ප්‍රහාණය

නා. ලෞකික සමාධි බලයෙන් ක්ලේශ යටපත් කිරීම.

විෂ්කම්භණය

නා. කෙලෙස් ඔබා තැබීම ; කෙලෙසුන් තාවකාලිකව යටපත් කිරීම.

විෂ්කම්භය

1. නා. එබීම මැඩලීම.
2. මිනුම් ප්‍රමාණයක්.
3. යෝගයක නාමය.
4. වෘත්තයක කේන්ද්‍රය මැදින් අඳින ලද්දා වූ ද පරිධියෙන් කෙළවර වන්නා වූ ද ඍජු රේඛාව.