සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1560
විෂ්ටබ්ධ
වි. තද ; බුරුල් නැති.
විෂ්ටම්භ
වි. (මලමුත්‍ර ආදිය) අවහිර වූ.
විෂ්ටම්භිත
වි. උසුලන ලද.
විෂ්ණු
නා.ප්‍ර. ශරීරය නීලවර්ණ වූ හින්දු දෙවි කෙනෙකුගේ නාමය ; හින්දු ත්‍රිමූර්තියෙන් එකක්.
විෂ්ණු ආඝෝරය
නා. අපල උපද්‍රව දුරු කිරීම්වස් බඳින යන්ත්‍ර විශේෂයක්.
විෂ්ණු චක්‍රය
නා. විෂ්ණු දෙවි සතු චක්‍රායුධය.
විෂ්ණු නාථ
නා.ප්‍ර. දෙවි කෙනෙකුගේ නාමය ; උපුල්වන් දෙවි.
විෂ්ණු පුරාණය
නා. දහඅට පුරාණ ග්රන්ථ අතරින් ඉතා වැදගත් සේ ගැනෙන කෘතිය.
විෂ්ණු විංශතිය
නා. ත්‍රිවිධ විංශතියෙන් එකක් ; විෂ්ණු දෙවිඳුට අයත් යැයි සැලකෙන අවුරුදු 20ක කාලපරිච්ඡේදය.
විෂ්ඵන්දිතා
නා.ප්‍ර. භය නිසා හටගන්නා වෙව්ලීම.
විෂ්ඵාර
වි. පුළුල් වූ ; පැතිරුණා වූ.
විෂ්ඵාරතාව
නා. ශබ්ද පැතිරීම් ස්වභාවය ; හඬ පැතුරුණු බව.
විෂ්ඵුරිත
වි. දිලිසෙන ; ක්ෂණික දීප්තියක් දෙන.
විෂ්ඵුලිඞ්ග
නා.ප්‍ර. ගිනි පුපුරු.
විෂ්ඵෝටය
නා. ශරීරයෙහි හටගන්නා ගඩු විශේෂයක් ; ගෙඩි ; විසප්පු ; බිබිලි.
විෂාණය
නා. අඟ ; තුඩ.
විෂාණු
නා.ප්‍ර. ජීවාණුවකටත් වඩා කුඩා වූ ද්‍රව්‍යය ; වයිරස.
විෂාදය
1. නා. ඛේදය ; දුක ; කනස්සල්ල ; කලකිරීම.
2. කාර්යයෙහි අදක්ෂ බව.
3. ක්‍රෝධය ; කෝපය.
විෂානල
විෂුව රේඛාව
(පාරිභා.) නා. සායන රේඛාව.
විෂුවය
නා. රාත්‍රිය හා දහවල දිගින් එක සමාන ව පවත්නා දිනය.
විස
1. නා.ප්‍ර. ශරීරයට අහිතකර ද්‍රව්‍යයක් ; වස.
2. පස්කම් සැප.
විස ගහනවා
ක්‍රි. විෂක් ඇඟට ඇතුළු වූ පසු උග්‍ර වේදනාව දැනෙනවා.
විසංකෝචිත
(පාරිභා.) වි. නොහැකිලුණු.