සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1561

විසංගතතාව

නා. නොගැළපීම වෙනස්වීම.

විසංගමනය

නා. වෙන් කිරීම ; තනි කිරීම.

විසංඥ

වි. සිහිසන් නැති ; සිහිමූර්ජා වූ.

විසංයෝග

නා.ප්‍ර. වෙන් වීම ; විශ්ලේෂණය වීම.
වි. අලිංගික ; ලිංගික ක්‍රියාවලියෙන් තොර.

විසංයෝගතාව

(පාරිභා.) නා. අසංසේවිත අණ්ඩ සෛලයකින් හෝ වෙනස් සෛලයකින් හෝ බීජාණු ශාකය විකසනය වීම.

විසංයෝගී

වි. ලිංගයක් නැති ; අලිංගික.

විසංයෝජනය

නා. වෙන් වීම ; ඉවත් වීම.

විසංවාදය

1. නා. පරස්පර විරෝධී අදහස් පැවතීම ; පැවසූ දේ නැතැයි කීම.
2. විරුද්ධ අදහස් පළ කිරීමේ ලක්‍ෂණය ඇති වාදය.

විසංවාදී

වි. එකිනෙකට වෙනස් ; පරස්පර විරෝධී ; නොගැලපෙන

විසංවාදී පදය

(පාරිභා.) (දර්ශන.) නා. එකිනෙකට විරුද්ධ වචනය ; පරස්පර විරෝධී පදය.

විසංවේදීකරණය

නා. යමක සංවේදී බව අඩු කිරීම.

විසංවේදීකෘත

(පාරිභා.) වි. සංවේදී බව අඩු කරන.

විසංස්කාර

වි. ලෞකික දෙයින් වෙන් වූ ; නිවන පිළිබඳ වූ.

විසංස්කාරය

නා. ලෞකික දෙයින් වෙන් වූ දෙය ; සංස්කාරයන්ගෙන් වෙන් වූ දෙය.

විසක්ත

වි. නොඇලුණ.

විසකුණු

1. වි. විචක්ෂණ ; ප්‍රඥාවන්ත.
2. ප්‍රසිද්ධ වූ ; ප්‍රකට වූ.
නා.ප්‍ර. නුවණැත්තා ; පඬිවරයා ; විචක්ෂණ පුද්ගලයා.

විසකුරු

වි. විෂඝෝර ; දරුණු විෂ සහිත.

විසකුරු සර්පයා

නා. ඉතා විෂ සහිත උරගයා ; දළෙහි විෂ සහිත සර්පයා.

විසකොල්

නා.ප්‍ර. විෂ පෙවූ හෙල්ල.

විසජනවා

1. ක්‍රි. විසඳනවා ; නිරාකරණය කරනවා.
2. වියදම් කරනවා.
3. පරිත්‍යාග කරනවා ; බෙදාදෙනවා.

විසජ්ජන

වි. ප්‍රශ්න විසඳන ; නිරාකරණය කරන.

විසත්තික

නා.ප්‍ර. තණ්හාව.

විසදනවා

ක්‍රි. වියදම් කරනවා.

විසදෘශ

වි. සමාන නොවන ; වෙනස්.