සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1579
වෘෂණ ග්‍රන්ථිය
නා. අණ්ඩය ; වෘෂණය.
වෘෂණකර්ෂකය
නා. ක්ෂිරපායී පිරිමි සතුන්ගේ වෘෂණ කෝෂයෙහි වෘෂණවලට ආධාරකව තිබෙන පටක රජ්ජුව හෙවත් රැහැන ; වෘෂණ කර්ෂක රජ්ජුව.
වෘෂධ්වජයා
නා. වෘෂභයකුගේ සලකුණ සහිත කොඩියක් ඇති මහ දෙවියා හෙවත් ශිව දෙවියා.
වෘෂභ
1. නා.ප්‍ර. උතුම් ගවයා.
2. රාශි චක්‍රයේ දැක්වෙන දෙවන රාශිය.
3. වෘෂභ නාමයෙන් හඳුන්වා ඇති වර්ෂය.
වෘෂභ මණ්ඩලය
නා. ගොනකුගේ රූපයට සමාන යැයි පිළිගැනෙන තාරකා මණ්ඩලය.
වෘෂභ රාජයා
1. නා. ප්‍රධාන ගවයා ; ශ්‍රේෂ්ඨ ගවයා.
2. බුදුන් වහන්සේගේ සිරි පතුලෙහි පිහිටි එකසිය අටක් මඟුල් ලකුණු වලින් එකක්.
වෘෂභාජානීය
නා.ප්‍ර. මෙහෙය වන්නාගේ ඉඟි දන්නා වූ වෘෂභයා ; ශ්‍රේෂ්ඨ වෘෂභයා.
වෘෂභී
1. නා.ප්‍ර. වැන්දඹුව ; විධවාව.
2. කරදමුංගු, එන්සාල්.
වෘෂලයා
නා. පහත් තැනැත්තා ; වසලයා.
වෘෂ්ටි නිපාතය
නා. වැසි වැසීම; වර්ෂාපතනය.
වෘෂ්ටි විඝාතය
නා. වැසි නැති වීම.
වෘෂ්ටිතාප ප්‍රස්තාරය
(පාරිභා.) නා. වැසි සහ සීත - උණුසුම හා සම්බන්ධ දේශගුණික වෙනස්කම් පෙන්වන ප්‍රස්තාරය.
වෘෂ්‍ය
වි. ශුක්‍ර ධාතුව වඩන ; පෝෂ්‍ය ගුණය ඇති.
වෘහත්
වි. මහත් ; විශාල.
වෘහත් ධමනිය
නා. පිරිසිදු ලේ ගමන් කරන ප්‍රධාන නාඩිය.
වෘහත්ඵලය
නා. චතුර්ථධ්යාත භූමිය වන වේහප්ඵල බඹලොව.
වෘහත්මසූරිකා
නා.ප්‍ර. වසූරිය හෙවත් මහාමාරිය නම් සංක්‍රාමික රෝගය.
වෘහද්
නා.ප්‍ර. පක්වාශයේ කොටසක් ; මහ බඩවැල.
වෘහස්පති
1. නා.ප්‍ර. දෙවියන්ගේ පුරෝහිත දෙවියා ; සුරගුරු ; බෘහස්පති ; ගුරු ග්‍රහයා.
2. චාර්වාක දර්ශන ග්‍රන්ථයේ කතුවරයා.
වෙ
නා.ප්‍ර. වීථිය ; මාර්ගය.
වෙ ඇදුරු
1. නා.ප්‍ර. වෛද්‍ය කර්මයෙහි යෙදී සිටින්නා ; වෛද්යාචාර්යා.
2. මහා බ්‍රහ්මයා.
වෙංගනාවා
(කථා.) නා. කුඩා කරදිය මත්ස්‍ය විශේෂයක්.
වෙච්චම
නා. මහනුවර රාජ්‍ය සමයේ භාවිත කළ කුඩා මුදල් ඒකකයක්.
වෙජ
නා.ප්‍ර. වෙදකම්හි යෙදෙන්නා ; වෛද්‍යවරයා.