සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1578

වෘද්ධාව

නා. මහලු ස්ත්‍රිය ; මැහැල්ල.

වෘද්ධි අනුපාතය

(පාරිභා.) නා. වර්ධනය පිළිබඳ එක ම වර්ගයේ රාශි දෙකක් අතර ඇති ප්‍රමාණාත්මක සම්බන්ධය.

වෘද්ධි කාලය

(පාරිභා.) නා. වැඩීම සිදුවන කාල සීමාව.

වෘද්ධි ප්‍රදේශ

(පාරිභා.) නා.ප්‍ර. මෝසම් ප්‍රදේශ.

වෘද්ධිප්‍රාප්ත

වි. සමෘද්ධියට පැමිණි ; දියුණුවට පත්.

වෘද්ධිමානය

නා. මැනීමේ උපකරණයක් ; ශාක අවයවයක දික් වීමේ ශීඝ්‍රතාව මැනීමේ උපකරණය.

වෘද්ධිය

1. නා. වැඩීම ; නැණ, ගුණ, ධන, බලය ආදියේ වර්ධනය.
2. (ව්‍යාක.) මාත්‍රාවල වැඩීවීම ; මාත්‍රා වෘද්ධිය.
3. (පාරිභා.) විතතිය ; වැඩීම.

වෘද්ධෝපගත

[වෘද්ධ + උපගත]
වි. මහලු අවස්ථාවට පැමිණි; වියපත්.

වෘද්ධෝපගමන පනත්

(පාරිභා.) නා.ප්‍ර. මහලු වයසට පැමිණීම නිසා සේවයෙන් අස් වී යාම පිළිබඳ නීති රීති.

වෘන්ත ග්‍රන්ථිය

(පාරිභා.) නා. කොළ නටුවක කොට්ටයක් වැනි මහත් වුණු තැන.

වෘන්ත පහුර

(පාරිභා.) නා. වැලක කොළ නටුවේ හටගන්නා පහුර.

වෘන්තතාල

(පාරිභා.) නා.ප්‍ර. අතු බවට හැරෙන පුප්ඵුසීය කුඩා වෘන්ත.

වෘන්තය

(පාරිභා.) නා. ගෙඩි, මල්, කොළ ආදියෙහි නටුව.

වෘන්තිකාව

(පාරිභා.) නා. නටුවක් වැනි කුඩා අවයවය.

වෘන්ද ඝනත්වය

(පාරිභා.) නා. සමූහයක ඒකාබද්ධතාව.

වෘන්ද මේඝය

නා. හිම කඳු මෙන් රාශිභූත සුදු වලාකුළු විශේෂය.

වෘන්ද වාදනය

නා. ගායක වාදක කණ්ඩායමක සමූහ සංගීතමය කාර්යය.

වෘන්දය

1. නා. සමූහය ; රංචුව.
2. එකට ගායනය වාදනය කරන පිරිස ; ගායක - වාදක කණ්ඩායම.

වෘන්දාරක

1. නා.ප්‍ර. දෙවියා ; දේවතාවා.
2. අතිශ්‍රේෂ්ඨ වූ ගණ නායකයා.

වෘශ්චික

1. නා.ප්‍ර. ගෝනුස්සා.
2. (ජ්‍යෝති). ගෝනුසු හැඩයට තාරකා පිහිටා ඇතැයි කියනු ලබන ලග්නය.

වෘශ්චිකාභ

(පාරිභා.) වි. ගෝනුස්සකු වැනි ; ගෝනුස්සකු ගේ ස්වරුපය ගත්.

වෘෂ

වි. උත්තම ; ශ්‍රේෂ්ඨ.
නා.ප්‍ර. ගොනා ; වෘෂභයා.

වෘෂණ

නා.ප්‍ර. බාහිර කෝෂයක පිහිටි, ශුක්‍ර ධාතුව නිෂ්පාදනය කරන පුරුෂ ලිංගේන්ද්‍රිය පද්ධතියට අයත් ග්‍රන්ථිය ; අණ්ඩ කෝෂය.

වෘෂණ කෝෂය

(පාරිභා.) නා. පුරුෂ ලිංගේන්ද්‍රිය පද්ධතියට අයත් අණ්ඩ දෙක පවත්නා කෝෂය.