සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1577

වෘත්තිය

1. නා. ජීවන මාර්ගය ; රැකියාව.
2. පැවැත්ම ; සසර ගමන.
3. වැටිය ; බැම්ම.

වෘත්තීය

1. වි. කවාකාර ; වක්‍රවත්.
2. රක්ෂාව හා සම්බන්ධ ; වෘත්තිය පිළිබඳ.

වෘත්තීය අධ්‍යාපනය

නා. රැකියාවක් ලෙස කළ හැකි විෂයයන් හැදෑරීම.

වෘත්තීය චාරිත්‍රය

(පාරිභා.) නා. රැකියාව සම්බන්ධ මනා හැසිරීම.

වෘත්තීය නීතිඥයා

නා. රැකියා කටයුතු වෙනුවෙන් පෙනී සිටින නීති උපදේශකයා.

වෘත්තීය පරිචය

(පාරිභා.) නා. රැකියාව පිළිබඳ මනා පළපුරුද්ද.

වෘත්තීය රිකට්සය

(පාරිභා.) නා. වකුගඩු ආශ්‍රිත ව ඇටවල දුර්වලතාවයක් නිසා ඇති වන රෝගය.

වෘත්තීය සංගමය

නා. සේවා වෘත්තිවල යෙදී සිටින ජනතාව විසින් තම වෘත්තීය කටයුතු නඟා සිටුවීම සඳහා පිහිටුවා ගන්නා සමිති විශේෂය.

වෘත්තීය සමාචාරය

නා. රැකියාවේ ගෞරවයට හේතු වන යහපත් හැසිරීම ; පැවැත්ම.

වෘතාස්ථිය

නා. සර්පයකුගේ කොඳු ඇටය.

වෘති

නා.ප්‍ර. වැට ; වැටිය.

වෘද්ධ

1. වි. වයසින් වැඩි ; වැඩිහිටි.
2. පැරණි ; චිරාගත.
3. වැඩුණු.

වෘද්ධ අධ්‍යාපනය

නා. වැඩිහිටියන් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීම.

වෘද්ධ ඥානය

නා. වැඩුණු නුවණ.

වෘද්ධ දෘෂ්ටිකතාව

(පාරිභා.) නා. වයස්ගත වන විට ළඟ පෙනීම හීන වීම ; හතළිස් ඇඳිරිය.

වෘද්ධ ප්‍රව්‍රජිතයා

නා. මහලු වී පැවිදි වූ තැනැත්තා.

වෘද්ධ පාෂාණ

(පාරිභා.) නා.ප්‍ර. පෘථීවියේ වැඩීම පිළිබඳ ආදි යුගයට අයත් ගල්, පස් ආදිය.

වෘද්ධ භූලක්ෂණ

(පාරිභා.) නා.ප්‍ර. භූමියක පුරාණත්වය විදහා දක්වන ලකුණු.

වෘද්ධ වයස්‍යයා

නා. වෘද්ධත්වයෙන් සමාන වයස් ඇත්තා ; සමාන වයසේ සිටි වෘද්ධයා.

වෘද්ධ වායුව

නා. (වැඩුණු වායුව යනු වාච්‍යර්ථයි) වෘද්ධි රෝගය ; අණ්ඩ වායුව.

වෘද්ධ්‍යක්ෂර

නා.බහු. (ව්‍යාක.) වෘද්ධියට පත් වන අකුරු.

වෘද්ධාක්ෂර

නා.ප්‍ර. දීර්ඝ අකුරු.

වෘද්ධාපගමනය

[වෘද්ධ + අපගමනය]
(පාරිභා.) නා. වයස්ගත වීම නිසා රක්ෂාවෙන් නතර කොට විශ්‍රාම වැටුප් ගෙවීම.

වෘද්ධාපචායනය

[වෘද්ධ + අපචායනය]
නා. වැඩිහිටියන්ට සංග්‍රහ කිරීම ; වැඩිහිටියන් පිදීම.