සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1576
වෘත්ත තන්තු
නා.ප්‍ර. ඇසෙහි පිහිටි අභ්‍යන්තර පේශී අතුරෙන් දෙවැන්න වන තාරා මණ්ඩල පේශි.
වෘත්ත තුන
නා. සසර දුකට හේතු වන ක්ලේශ, කර්ම හා විපාක යන වෘත්ත තුන.
වෘත්ත දඟරය
(පාරිභා.) නා. වලයාකාර වෙළුම ; කවාකාර දඟරය.
වෘත්ත දුක්ඛය
නා. සංසාර දුඃඛය ; සසර දුක.
වෘත්ත ධාරාව
(පාරිභා.) නා. කවාකාර ව දිවෙන විදුලි බලය.
වෘත්ත නළය
(පාරිභා.) නා. කවාකාර නළය.
වෘත්ත නිශ්රික
වි. සංසාර වෘත්තය ඇසුරු කළ ; සසර පැවැත්ම පතන.
වෘත්ත පරිධිය
(පාරිභා.) නා. වෘත්තයක වට ප්‍රමාණය.
වෘත්ත පිස්ටනය
(පාරිභා.) නා. යන්ත්‍රයක් ක්‍රියා කිරීමේ දී යන්ත්‍ර නළයක් (සිලින්ඩරයක්) තුළ ඉහළ පහළ යන සිලින්ඩරාකාර අවයවය.
වෘත්ත මිනුම
(පාරිභා.) නා. රේඩියන් මිනුමෙන් කෝණ මැනීම.
වෘත්ත සච්ඡිද්ර
(පාරිභා.) වි. ලීවල සියුම් කවාකාර සිදුරු සහිත.
වෘත්ත සන්නිශ්‍රිත
වි. සසර ඇසුරු කළ ; සසර ගමන හා සම්බන්ධ.
වෘත්තකම්පනය
නා. වෘත්තාකාර ව සිදු වන ස්පන්දනය ; චංචල වීම.
වෘත්තපාද විද්යුත්මානය
(පාරිභා.) නා. කම්බියක එක කෙළවරක සිට අනික් කෙළවරට ගලා යන වාත්තපාදක විදුලි ධාරාවේ ක්ෂිති වෙනස මනින යන්ත්‍රය.
වෘත්තය
1. නා. කේන්ද්‍රයේ සිට එක සමාන දුරින් රේඛාවකින් වට වූ තල රූපය ; රවුම ; වටය ; කවය.
2. පද්‍ය බන්ධනයට අවශ්‍ය වූ මාත්‍රා ගණනක ඡන්දස් නියමය ; තාලය ; ලඝු-ගුරු නියමය.
වෘත්තාකාර
වෘත්තාකාර මානය
(පාරිභා.) නා. කෝණයක් රේඩියන්ස් ඒකක මාර්ගයෙන් ප්‍රකාශ කිරීම.
වෘත්තාකාර ශ්‍රිතිය
(පාරිභා.) නා. සෘජුකෝණික ත්‍රිකෝණයක බාහුවල සමහර අනුපාත සෙවීමෙන් ලබාගන්නා සයිනය, ටැන්ජනය ආදී ඵලය.
වෘත්තාකාර සිලින්ඩරය
(පාරිභා.) නා. වෘත්තාකාර පතුලකින් යුත් ප්‍රිස්මය.
වෘත්තාන්තය
නා. තොරතුරු කථාව ; කථාන්තරය.
වෘත්ති දානය
නා. ජීවිකා වෘත්තිය පිණිස දෙන දීමනාව ; වැටුප් දීම.
වෘත්ති භේද
1. නා.ප්‍ර. රැකියාවේ වෙනස්කම් ; වෘත්තීය වෙනස් වීම.
2. (පද්‍යයක) වෘත්තය බිඳීම ; විරිතට හානි පැමිණීම ; විරිත වෙනස් වීම.
වෘත්තිකයා
නා.ප්‍ර. රැකියාවක යෙදෙන තැනැත්තා.
වෘත්තිකාව
(පාරිභා.) නා. කුඩා වෘත්තය ; කුඩා කවය.