සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1575
වෘක්ෂධර්මය
නා. තමන් ඇසුරෙහි ඇති ගස්හි ඵල නැති විට නො කිපී එය අත් නො හැර සිටින ස්වභාවය.
වෘක්ෂමූලිකාංගය
නා. ගස් මුල්හිම වාසය කිරීමේ ශික්ෂාව සමාදන් වීමෙන් රකින ධුතාඞ්ගය.
වෘක්ෂය
නා. ශක්තිමත් ව ශාඛා - ප්‍රශාඛා සහිතව උසට වැඩෙන ශාකය.
වෘක්ෂය ලපය
(පාරිභා.) නා. වකුගඩුවට නහර හා ලේ නහර ඇතුළු වී පිටවන කොටස.
වෘක්ෂලතා ගුල්ම
නා.ප්‍ර. ගස් වැල් එකිනෙක එතීමෙන් සෑදුණු ගොමුව.
වෘක්ෂාග්රය
වෘක්ෂාදනී
නා.ප්‍ර. පිළිල.
වෘක්ෂාහාර
[වෘක්ෂ + ආහාර]
නා.ප්‍ර. ගස් සාරවත් ලෙස වැඩීමට හේතු වන ශාක ද්‍රව්‍ය ; කාබනික පොහොර.
වෘණය
නා. තුවාලය ; වණය.
වෘත ඛණ්ඩය
නා. වෘත්තයකින් කොටසක්.
වෘත දර්ශය
නා. (සත්ව.) වර්ගීකරණය කළ තැනැත්තා විසින් නම් කර නොමැති කිසියම් වර්ගයක් හෝ උපවර්ගයක් හැඳින්වීම සඳහා තෝරාගන්නා ආදර්ශක වර්ගය.
වෘතධාවනය
නා. අසුන් පුහුණු කිරීමේ දී වටේට දිවවීම.
වෘත්ත ඖචිත්‍යය
නා. තැනට හෝ කරුණට ඔබින සේ පද්‍ය රචනයේ දී ඡන්දස් රැකීම ; පද්‍ය රචනයේ දී වර්ණයනට උචිත විරිත් යෙදීම.
වෘත්ත කක්ෂය
(පාරිභා.) නා. ග්රහතාරකා ගමන් කරන කවාකාර මාර්ගය.
වෘත්ත කථාව
නා. සසර පිළිබඳ කථාව ; පැවැත්ම පිළිබඳ ප්‍රවෘත්තිය.
වෘත්ත කේතුව
(පාරිභා.) නා. පාදය චක්රාකාර ව ක්‍රමයෙන් උල් ව ගොස් මුදුනෙහි තුඩක් බවට පැමිණෙන රූප සටහන.
වෘත්ත කේන්ද්‍රය
(පාරිභා.) නා. වෘත්තයක මධ්‍ය ලක්ෂ්‍යය ; විෂ්කම්භ දෙකක් එකිනෙක කැපී යන ස්ථානය.
වෘත්ත ඛණ්ඩ උච්චය
(පාරිභා.) නා. වෘත්ත ඛණ්ඩයක උස.
වෘත්ත ඛණ්ඩය
(පාරිභා.) නා. චාපයකින් හා ජ්‍යායකින් සම්බන්ධ වූ වෘත්තයක කොටස.
වෘත්ත ගන්ධි
නා.ප්‍ර. ශබ්දාලංකාරයට මුල්තැන දෙන ගද්‍ය රචනා ක්‍රමය ; විරිතකට අනුව රචනා කරන ලද ගද්‍ය රචනය ; මාත්‍රා සම සංඛ්‍යාවකට පසු ව යතියක් ඇති වන අයුරින් රචිත ගද්‍යය.
වෘත්ත ගෝලය
නා. පෘෂ්ඨයේ සෑම ලක්ෂ්‍යයක් ම කේන්ද්‍රයෙන් සම දුර වූ ඝන සම වටකුරු ඝනය.
වෘත්ත චතුරශ්‍රය
(පාරිභා.) නා. වෘත්තයක් තුළ නිර්මාණය කරනු ලබන පැති හතරකින් යුත් රූපය.
වෘත්ත චලිතය
(පාරිභා.) නා. යම් වස්තුවක් වක්රාකාර ව චලනය වීම.
වෘත්ත චාපය
(පාරිභා.) නා. කවයක පරිධියේ කොටසක්.