සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1574
වෘක්ක නාඩිය
(පාරිභා.) නා. වකුගඩුවට පිරිසිදු ලේ ගෙන යන ධමනිය.
වෘක්ක පරිහෘද නාලය
නා. වකුගඩුව හෘදයට සම්බන්ධ කරන නාළය.
වෘක්ක ප්‍රදාහය
(පාරිභා.) නා. වකුගඩුවේ ආසාදනය ; දැවිල්ල.
වෘක්ක පෞරිතතය
(පාරිභා.) නා. වකුගඩුවල ගැස්මක් සහිත ව ඇති වන තද වේදනාව ; වෘක්ක ශූලය.
වෘක්කාණු
(පාරිභා.) නා.ප්‍ර. වකුගඩුවේ ක්‍රියාකාරී වන සියුම් අංශු.
වෘක්කාහ
(පාරිභා.) වි. වකුගඩුවක හැඩය ඇති.
වෘක්කිකාව
(පාරිභා.) නා. අපෘෂ්ඨ වංශීන්ට හා සෙසු පහත් සතුන්ට තිබෙන බහිස්රාවී නාලිකාව.
වෘක්කීය
(පාරිභා.) වි. වකුගඩුව හා සම්බන්ධ වූ.
වෘක්කීය කලේවරකය
(පාරිභා.) නා. වකුගඩුව හා සම්බන්ධ ඉතා සියුම් කොටස; දේහාණුව.
වෘක්කීය කවලිකාව
(පාරිභා.) නා. වකුගඩුව හා සම්බන්ධ තන්තුමය පටකය.
වෘක්කීය ධමනිය
(පාරිභා.) නා. වකුගඩුවට ලේ ගෙන යන වාහිනිය.
වෘක්කීය ප්‍රතිහාර පද්ධතිය
(පාරිභා.) නා. ඇතැම් පෘෂ්ටවංශීන්ගේ ශරීරයේ පස්ස කොටසේ සිට වකුගඩුව කරා ලේ ගෙනන ශිරා පද්ධතිය.
වෘක්කීය ශ්‍රෝණිය
(පාරිභා.) නා. (බේසමක හැඩ ඇති) වකුගඩු කුහරය.
වෘක්කීය ශූලය
(පාරිභා.) නා. උලකින් අනින්නාක් වැනි දැනීම ඇති කරවන වකුගඩු රෝග විශේෂයක්.
වෘක්කීය ස්තම්භය
(පාරිභා.) නා. වකුගඩු කුහරය.
වෘක්ෂ ජීර්ණය
නා. ගස් දිරා යෑමෙන් සෑදෙන ද්‍රව්‍යය.
වෘක්ෂ දේවතාවා
නා. ගසකට අරක් ගත් දේවතාවා ; වන දෙවියා ; රුක් දෙවියා.
වෘක්ෂ ධර්ම ශාස්ත්‍රය
නා. ශාක වර්ග පිළිබඳ විද්‍යානුකූල හැදෑරීම.
වෘක්ෂ නිශ්රිත
වි. ගස් ඇසුරු කළ ; ගස නිවාස කොට ගත්.
වෘක්ෂ පර්ණ
නා.ප්‍ර. ගස්වල කොළ.
වෘක්ෂ වන්දනාව
1. නා. ආගමික විශ්වාසයකින් ගස්වලට වැඳීම.
2. ගස්වල වසතැයි සිතන දෙවියන්ට වැඳීම.
වෘක්ෂ විතරණය
(පාරිභා.) නා. ගස් විහිදීම ; ගස් පැතිර පවත්නා විධිය.
වෘක්ෂ සායම්
(පාරිභා.) නා.ප්‍ර. ශාකවලින් ලබා ගන්නා සායම්.
වෘක්ෂකුල
නා.ප්‍ර. ගස් සමූහය.