සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1573

වුට්ඨානය

නා. නැඟී සිටීම ; ධ්‍යානයෙන් නැඟී සිටීම හෝ වෙන්වීම.

වුටුනු

නා.ප්‍ර. ඔටුන්න ; වේඨනය ; කිරීටය.

වුඩ්ඪ

වි. වෘද්ධ ; වැඩි මහලු.

වුඩ්ඪ පබ්බජිත

නා.ප්‍ර. මහලු ව පැවිදි වූ තැනැත්තා.

වුත්ති

1. නා.ප්‍ර. වෘත්තිය ; රැකියාව ; පැවැත්ම ; හැසිරීම.
2. අර්ථකථනය ; විවරණය.
3. ලඝු ගුරු පිහිටුවීමේ නියමය.

වුපසමනය

නා. සංසිඳවීම ; සුව කිරීම.

වුය්හනය

නා. පා කර යැවීම ; ජලයේ ගසාගෙන යාමට සැලසීම.

වුරුණු

වි. දිය වූ ; දියාරූ වූ ; විරු වූ ; වසා තෙලට අයත්.

වුරුණු තෙල්

නා.ප්‍ර. සිරුරු මසෙහි තිබෙන තෙල ; මේදය.

වුරුදු

වි. වෘද්ධ ; මහලු.
නා.ප්‍ර. අවුරුද්ද.

වුරුවල්

නා.ප්‍ර. මහ වනය ; පුළුල් කැලෑව.

වුලන්

වි. බැටළු ආදී සතුන්ගේ ලෝමයෙන් කළ ; ලෝමයෙන් සෑදූ.

වුල්ප්‍රමයිට්

නා.ප්‍ර. ටංස්ටන් නමැති ලෝහය නිස්සාරණය කරන්නා වූ ලෝ පස.

වුලුඹුනවා

ක්‍රි. පැහැර ගන්නවා ; විලුම්පනය කරනවා.

වුවන

නා. මුහුණ.

වුස්ටඩ් යන්ත්‍රය

(පාරිභා.) නා. නූල් වෙන් වශයෙන් හඳුනාගත හැකි රෙදි වියන යන්ත්‍රය.

වුස්ටඩ් රෙදි

(පාරිභා.) නා.ප්‍ර. පීරූ දිග ලොම්වලින් සාදනු ලබන රෙදි වර්ගයක්.

වෘංහණය

1. නා. ධාතු ශක්තිය වර්ධනය කිරීම ; තර කිරීම.
2. චිත්ත ශක්තිය වර්ධනය ; සිත වැඩීම.

වෘංහිතය

නා. කුංචනාදය.

වෘකපෝතකයා

(පාරිභා.) නා. 1. වෘක පැටියා.
2. දක්ෂයෙකු වීමට පුහුණුව ලබන්නා.

වෘකයා

නා. සුනඛ ගණයට අයත් නපුරු කැලෑවාසී සත්ත්ව විශේෂයක්.

වෘක්ක

(පාරිභා.) නා.ප්‍ර. උදර කුහරයෙහි පිහිටි මුත්‍ර පෙරන අවයවය ; වකුගඩුව.

වෘක්ක අශ්මය

(පාරිභා.) නා. වකුගඩුවේ ඇති වන ගල්.

වෘක්ක දේහානුව

(පාරිභා.) නා. වකුගඩු හා සම්බන්ධ ඉතා සියුම් කොටස.