සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1572
වීර්ය බලය
නා. අධිගමයට හේතු වන බල පහෙන් එකක් වූ වීර්යය ; උත්සාහය නිසා ඇති වන ශක්තිය.
වීර්ය වඩනවා
ක්‍රි. උත්සාහ දරනවා ; දිරි ගන්වනවා ; ප්රයත්න දරනවා.
වීර්ය සම්බෝධ්‍යඞ්ගය
නා. සම්බෝධිය නම් වූ සතරමග සතරඵලයට, පැමිණීමට උපයෝගී වන ධර්ම
(බොධ්‍යඞ්ග) හතෙන් එකකි.
වීර්යචෛතසිකය
නා. බුදු දහමෙහි දැක්වෙන ප්රකීර්ණක චෛතසික සයෙන් එකක් ; සිතෙහි පවත්නා සහජාත ධර්ම උත්සාහවත් කරන ස්වභාවය.
වීර්යපාරමිතාව
නා. නොපසුබට උත්සාහය මගින් අපරාජිත බව දැක්වීම ආශ්රිත ව බෝධිසත්වයෙකු බුද්ධත්වය ලැබීම සඳහා සම්පූර්ණ කළ යුතු පාරමිතා දහයෙන් එකක්.
වීර්යය
1. නා. වීර්ය චෛතසිකය.
2. තේජස ; බලය.
3. එකොළොස් ආකාර වූ චරණ ධර්මවලින් එකක්.
වීර්යාධික
වීර්යාධිෂ්ඨානය
වීර්යේන්ද්රිය
[වීර්ය + ඉන්ද්රිය]
නා. සම්ප්‍රයුක්ත ධර්මයන්ට ප්‍රධාන වූ වීර්යය ; උත්සාහය නමැති ඉන්ද්රියය.
වීරාණ
නා.ප්‍ර. අධිපතීන්ට වාඩි වීම සඳහා පුරාණයේ තිබූ ආසන විශේෂයක්.
වීරාසනය
නා. යෝගීන් විසින් භාවනා සඳහා දෙපා දෙ කලවය දෙ මත, පතුල් ඉහළට නැඹුරු ව පිහිටන සේ යොදා ගනු ලබන ආසන ක්‍රමයක්.
වීරිය
1. නා. නොපසුබට උත්සාහය ; වීර්යය ; වෑයම.
2. තේජස ; බලය.
3. ද්‍රව්‍යයක අන්තර්ගත ශක්තිය.
වීරු
නා.ප්‍ර. කළුදුරු නම් කුළුබඩු විශේෂය.
වි. විසුරු වන ලද්දා වූ ; විසිරවූ.
වීරෙනවා
ක්‍රි. විහිදෙනවා ; විසිරෙනවා.
වීරෝදාර
[වීර + උදාර]
වි. වීර උදාර ගති ඇති ; නිර්භීත ; අපරාජිත ගති ඇති වූත් උදාර වූත්.
වීල්බැරැක්කය
නා. සුළු ප්‍රමාණයකට බර ඇදීම සඳහා සතරැස් ලෝහ පෙට්ටියක්, පා දෙකක් හා තනි රෝදයක් ඇති අත් කරත්තය ; වීල් බැරෝව.
වීසත්තිකා
නා.ප්‍ර. ඇලුම් ඇති කිරිම; තෘෂ්ණාව ; ආශාව.
වීසති
නා.ප්‍ර. විස්ස.
වීසම
(කථා.) නා. අවුන්සය ; රාත්තලෙන් දහසයෙන් පංගුව.
වීසා පත්‍රය
නා. විදේශිකයකුට රටකට ඇතුළුවීම සඳහා දෙනු ලබන බලපත්‍රය.
වීසි කඩුව
නා. දමා ගසන කඩු වර්ගයක්.
වීසිදැල
නා. අතින් අල්ලා ගංගා, ඇළ, දොළ ආදියෙහි දියට විසි කර මාලු අල්ලන දැල ; ඔරු දැල.
වීහතු පැළෙනවා
ක්‍රි. වී කණු කැපෙනවා ; වී ඇටය පැළ වීමට පටන් ගන්නවා.
වුක්ත ප්‍රකාර
වි. කියන ලද ආකාර.