සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1571
වීථි චතුෂ්කය
නා. පාරවල් හතරක් හමු වන ස්ථානය ; හතරමං හන්දිය.
වීථිචිත්තය
නා. රූප ශබ්ද ආදී එක් අරමුණක් පිළිබඳව පවත්නා චිත්ත පරම්පරාව ; චිත්ත විථිය.
වීථිප්රතිපන්න
වි. මාර්ගයට පැමිණි ; වීථියට පිවිසි.
වීථිය
1. නා. ප්‍රධාන මාර්ගය ; වීදිය ; පාර ; මාවත.
2. පෙළ; පන්තිය ; අරමුණක් ගැනීමේ දී ඇති වන සිත් පෙළ.
වීදකොමිසුව
නා. රෝම ලන්දේසි නීතියට අනුව යම්කිසි දේපොළක් අන්තිම කැමති පත්‍රයකින් කෙනකුට පැවරීම ; පීත කොමිසුම.
වීදි යනවා
ක්‍රි. පෙරහැර වීථිවල යනවා ; වීථී සංචාරය කරනවා.
වීදිදොර
1. නා. වීදියක වූ ගේ - දොර ; ප්‍රධාන මාර්ගයක වූ ගේ - දොර.
2. වීදීයකට ඇතුළු වන ස්ථානය.
වීදුරු
1. නා.ප්‍ර. වැලි හා තවත් ද්‍රව්‍ය මිශ්‍රකොට සාදන ලද බිඳෙන සුලු විනිවිද පෙනෙන ද්‍රව්‍යයක්.
2. දියර වර්ග පානය කිරීම සඳහා වීදුරුවලින් තැනූ භාජන විශේෂය.
වීදුරුකඩදාසි
නා.ප්‍ර. දැව භාණ්ඩ මැදීමට ගන්නා කඩදාසි විශේෂයක් ; පොඩි කරන ලද වීදුරු කැබලි අලවන ලද ඝන කඩදාසිය ; වැලිකඩදාසිය.
වීදුරුපුළුන්
නා.ප්‍ර. සියුම් වීදුරු කෙඳිවලින් සමන්විත කපු පුළුන් වැනි ද්‍රව්‍යය.
වීපයිණ්ඩෙ
නා.ප්‍ර. පැරණි සිංහල රජු දවස සිටි සේවක කොටසක් ; රජුට සහ උසස් රාජ්‍ය නිලධාරින්ට පණිවුඩ පනත් රැගෙන යාම සඳහා සිටි නිලධාරියෙක්.
වීපොරි
නා.ප්‍ර. වී බැද සාදාගත් පොරි ; විළඳ ; කබලෙහි ලා බැදීමෙන් පුපුරුවා ගත් වී.
වීමංස
නා. අන්‍යයන් තමන් කෙරෙහි අනුකූල කරවා ගැනීමේ ශක්තිය ඇති ප්‍රඥා චෛතසිකය ; අධිපති ධර්ම සතරින් එකක්.
වීමංසාව
නා. පරීක්ෂාව විමර්ශනය ; විමසීම.
වීමංසිද්ධිපාදය
නා. සෘද්ධි බලය උපදවා ගැනීමට හේතු වන ප්‍රඥාව.
වීර
වි. ශක්තිවන්ත වූ ; රණශූර වූ ; අපරාජිත වූ ; ධෛර්යය සම්පන්න වූ.
1. නා.ප්‍ර. කාව්‍ය රස නවයෙන් එකක්.
2. නිර්භීත හෝ දක්ෂ පුද්ගලයා ; රණශූරයා.
වීර කාව්‍යය
නා. වීරත්වය කුළුගැන්වෙන පරිදි රචිත නිර්මාණ ගද්‍ය හෝ පද්‍ය බන්ධනය.
වීර පර්යඞ්කය
නා. බෝධි සත්වයන් වහන්සේ බුදු වීමට හිඳගත් මහාබෝධි පර්යඞ්කය ; වීරාසනය.
වීර බලය
නා. වීරත්වය ; එඩිය ; ශක්තිය.
වීරපුරුෂයා
නා. නිර්භීත, පුද්ගලයා ; එඩිතර තැනැත්තා ; වීර ක්‍රියාවක් ජයගත් පුද්ගලයා.
වීරමණය
නා. වෙන්වීම ; වැළකීම ; දුරු කිරීම.
වීරඹු
නා.ප්‍ර. අන්‍යයකුට අයත් කාන්තාව ; පරස්ත්රිය.
වීරසැමියා
නා.ප්‍ර. සොර සැමියා ; විහිර සැමියා.
වීරසිරි
නා. වීර්යය නමැති ශ්රීය ; වීරත්වයෙන් යුත් ශ්‍රී කාන්තාව.