සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1605

ශකට ධුරය

නා. කරත්තයෙහි ගොනුන් බඳින ලීය ; වියගහ.

ශකට පඤ්ජරය

නා. කරත්ත කූඩුව ; රිය මැඳිරිය.

ශකට සාර්ථ

නා.ප්‍ර. කරත්ත සමූහය ; ගැල්වල බඩු පටවාගෙන යන වෙළඳ කණ්ඩායම ; ගැල් සාත්තුව.

ශකටය

1. නා. කරත්තය ; ගැල; රිය.
2. ඒකාදශ මහා යෝගවලි එකක්;ශකට යෝගය.
3. රෙහෙණ නැකත.

ශකනෘප

නා.ප්‍ර. ශක වර්ෂය ආරම්භ කළ රජතුමා ශාලිවාහන නම් රජු.

ශකරාජවර්ෂය

නා. ශාලිවාහන රජුගෙන් ආරම්භ වූ වර්ෂය.

ශකලය

1. නා. කැබැල්ල ; ඛණ්ඩය.
2. කුරුඳු පොතු.

ශකලික

වි. කැබලි කළ ; කැබලිවලට කැඩූ.

ශකවර්ෂය

නා. ශාලිවාහක නම් ශක රජුගෙන් ආරම්භ වූ වර්ෂ ක්‍රමය ; සකවස.

ශක්ත

1. වි. හැකි ; පුළුවන් ; සමත්.
2. ශරීර ශක්තියෙන් යුත්.
3. ඇලුණු ; බැඳුණු.

ශක්තය

නා. හැකියාව ; පුළුවන්කම.

ශක්තව

නා.ප්‍ර. බැද කුඩු කරගත් යව හෝ සහල් ; අත්සුනු.

ශක්ත්‍යායුධය

නා. හෙල්ල.

ශක්තිජනක

වි. සිරුරෙහි සවිය උපදවන ; ශක්තිය ඇති කරවන.

ශක්තිත්‍රය

නා. සාර්ථක රාජ්‍ය පාලනය සඳහා රජ කෙනකුට අවශ්‍ය යැයි සැලකුණු ප්‍රභූත්වය, මන්ත්‍රණය, උත්සාහය යන තුන් වැදෑරුම් ශක්තිය.

ශක්තිතාව

නා. පහසුවෙන් කැඩී බිඳී යාමෙන් තොර බව ; ශක්තිමත් බව.

ශක්තිධරයා

නා. අඩයටිය දරන්නා ; කඳ කුමරු.

ශක්තිපූජාව

නා. පාර්වතී දේවිය වෙනුවෙන් පවත්වනු ලබන පූජා විශේෂයක්.

ශක්තිමට්ටම

(පාරිභා.) නා. යම්කිසි ක්‍රමයක් යටතේ ඉඩදෙනු ලබන උපරිම ශක්ති ප්‍රමාණය.

ශක්තිමත්

වි. ශක්තිය ඇති ; ශක්ති සම්පන්න.

ශක්තිය

1. නා. කායික හෝ මානසික සවිය ; හයිය.
2. බලය ; ප්‍රතාපය ; පරාක්‍රමය.
3. යමක් කිරීමට ඇති හැකියාව ; කුශලතාව.
4. ඉන්ධනයකින් උපදවන ක්‍රියාකාරී බලය.
5. ද්‍රව්‍යයක අන්තර්ගත ගති පහෙන් එකක්.
6. පැරණි ආයුධ විශේෂයක් ; අඩයටිය.
7. පහසුවෙන් නොකැඩෙන ස්වභාවය.

ශක්තිවිද්‍යාව

(පාරිභා.) නා. භෞතික හා රසායනික විපර්යාසවල ශක්ති සම්බන්ධතා පිළිබඳ විද්‍යාව ; ශක්තියේ පොදු මූලධර්ම පිළිබඳ විද්‍යාව.

ශක්තිසංස්ථිතිය

(පාරිභා.) නා. ශක්තිය එක් ස්වරූපයකින් වෙනත් ස්වරූපයකට පරිවර්තනය කළ හැකි නමුත් එය නිර්මාණය කිරීම හෝ විනාශ කිරීම කළ නොහැකිය යන නියමය.

ශක්තිහීන

වි. ශක්තියෙන් අඩු.