සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1604

වෝහාරය

නා. ව්‍යවහාරය ; පැවැත්ම.

ශ

මිශ්‍ර සිංහල හෝඩියේ අක්ෂර පටිපාටියේ පනස් හයවැනි අකුර ; තිස්හය වැනි ව්‍යඤ්ජනාක්ෂරය.

ශංක්වාහ

(පාරිභා.) වි. කූඤ්ඤයක හැඩය ගත් ; ශංකුවක් වැනි ; ත්‍රිකෝණාකාර.

ශංක්වාහ අස්ථිය

(පාරිභා.) නා. හිස්කබල තුළ පිහිටා ඇති ඇට අටෙන් එකක නාමය ; කීලාස්ථිය.

ශංකා ධර්මය

නා. සැක කිරීමේ දර්ශන වාදය ; සැකය දර්ශනයක් කොට ගැනීම ; සංශය වාදය.

ශංකාව

නා. සැකය ; අවිශ්වාසය ; අනුමානය.

ශංකුකය

(පාරිභා.) නා. විකරණයට භාජන වූ ග්‍රාහිකා හතරකින් නිර්මාණය වූ පිරිමි නෞටිලොයිඩෙයාවන්ගේ කේතුරූපාකාර ව්‍යූහය.

ශංකුපථ

නා.ප්‍ර. කණු සිටුවා එහි රැහැන් බැඳ සකස් කරගන්නා ගමන් මග.

ශංඛ විද්‍යාව

නා. හක්ගෙඩි හා බෙල්ලන් පිළිබඳ විද්‍යාව.

ශංඛක

වි. හිස් කබල හෝ මස්තිෂ්කය පිළිබඳ වූ ; හිස් කබලෙහි හෝ මස්තිෂ්කයෙහි පිිහිටි.

ශංඛක අස්ථිය

නා. ක්ෂීරපායීන්ගේ හිස් කබලෙහි පිහිටි කාටිලේජ ඇටයක්.

ශංඛක කවලිකය

නා. පේශිමය තන්තුවලට සම්බන්ධයක් වශයෙන් ක්‍රියා කරන තන්තුමය ප්‍රස්තරය හෝ ප්‍රසාරික කණ්ඩරාව.

ශංඛක තුල්‍යාව

(පාරිභා.) නා. මස්තිෂ්කයේ ශංඛක ඛණ්ඩිකාවෙහි යටිපැත්ත මතුයෙහි පිහිටි, අපර ශංඛය කර්කුරූපී සංචලිතයෙන් වෙන් කරන, මධ්‍ය සිරස් පාටිතය.

ශංඛක ධමනිය

(පාරිභා.) නා. හිසෙහි ශංඛක කොටසෙහි පිහිටි තුන් වැදෑරුම් වූ ධමනිය.

ශංඛක නිඛාතය

(පාරිභා.) නා. පාර්ශ්වික වසයෙන් කපාලයේ පිහිටි අවකාශය.

ශංඛක පේශිය

(පාරිභා.) නා. ශංඛක නිඛාතයෙන් ආරම්භ වන පේශියක්.

ශංඛකිය

(පාරිභා.) නා. ශංඛක පේශියක්.

ශංඛී

නා.ප්‍ර. සුවණ නැකත.

ශංවර

1. නා.ප්‍ර. වතුර ; ජලය.
2. කහ පැළෑටිය.

ශංසනය

1. නා. තුති කිරීම.
2. පැතීම.
3. ස්වර ශුද්ධිය ; උච්චාරණයේ පිරිසුදු බව ; වචනයෙහි පැහැදිලි බව.

ශංසය

නා. අවිශ්වාසය.

ශංසා

1. නා.ප්‍ර. පැසසීම ; ප්‍රශංසාව.
2. රැවටීම ; වඤ්චාව.
3. වගන්තිය ; වාක්‍යය.

ශංසිත

1. වි. පසසන ලද.
2. කියන ලද.
3. නියමිත ; නිශ්චිත.
4. හිංසා කරන ලද.

ශක

1. නා.ප්‍ර. පැරැණි දඹදිව රාජ වංශයක්.
2. පැරැණි දඹදිව විසූ මනුෂ්‍ය වර්ගයක්.
3. පැරැණි දඹදිව ප්‍රදේශයක්.